දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක්.. ඒකක 90 බිල 5000 පනී
Homeප්‍රවෘත්ති

විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක්.. ඒකක 90 බිල 5000 පනී

PropellerAds

පා රිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ ද...

චීනය අහක බලයි! ‌ඉල්ලපු ඩොලර් බිලියන 1.5ක ණය දෙන්න බෑ කියයි! ලංකාව තවත් හිරවෙයි!
හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් අමාත්‍යාංශයේ වාහන 6ක් අරන් ගිහින්! කාෂිකර්ම අමාත්‍යාංශය වාහන අර්බුදයකට මුහුණ පායි!
"රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?" විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවෙන් සම්මන්ත්‍රණයක්!
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය මිලදී ගැනීමයි.

පසුගිය කාලයේදී සෑම වසරකදීම මෙගා වොට් 400කට ආසන්න මෙගා වොට් ප්‍රමාණයක විදුලිය මෙලෙස අධික මිලට මිලදී ගෙන ඇත.එම සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයට රුපියල් 35/= සිට 65= දක්වාවු අධික මිලක් ගෙවා ඇත්තේ ඒකකය රුපියල් 15/= ක් වු අඩු මිලකට විදුලිය නිපදවා ගැනීමේ හැකියාව තිබියදීය. මෙම විදුලිය ගැනීමේ ගනුදෙනු දූෂිත හානීති විරෝධි බව පෙන්වා ඒවාට අවසරය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට ඉදිරි වසරේ සිට තවත් මෙගා වොට් 700 ක් පමණ කෙටිකාලීන පදනම මත ටෙන්ඩර් වලින් මිලදී ගැනීම සදහා ලංවිම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සුදානම් වෙමින් සිටී. එම දුෂිතවිදුලි ගනුදෙනු සිදුවුවහොත් රටට සිදුවන පාඩුව වසරකට රුපියල් බිලියන 175 කට ආසන්න වේ. ඒ අනුව ලබන වසර වන විට ලංවිම සමස්ත පාඩුව රුපියල් බිලියන 500 දක්වා ඉහල යනු ඇත. මේ පාඩුව මකා ගැනීමට ඇති එකම විසදුම විදුලි ගාස්තු ඉහල නැංවීමයි. ඒඅනුව ලබන වසරේදී සිදුවන විදුලි ගාස්තු වැඩීවීම ඒකකයට රුපියල් 50/= ක් පමණ වනු ඇත.

මාසේ විදුලිබිල ඒ්කක 30 කට පාලනය කරන අසරණ පවුලක විදුලි බිල රුපියල් 1500කින් ද ඒකක 90 පාවිච්චි කරන සාමාන්‍ය පවුලක විදුලි බිල රුපියල් 5000කින් ද ඉහල දැමීමක් සිදුවනු ඇත. දුෂිත විදුලිගනුදෙනු හා අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධ වී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කලේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි මාෆියාවට ඇති ඒකම බාධකය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ඔවුන් තේරුම් ගෙන ඇත.

විටෙක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය කප්පාදු කිරීමට තැත් දැරූ විදුලි උගුල් අටවන්නන් දැන් සැරසෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන්සභාව වසා දමා හිතු මිලට විදුලිය මිලදී ගැනීමටත් හීතු විටෙක විදුලි ගාස්තු ඉහල දැමීමටත්ය. කූඨ ව්‍යාපාරිකයින්, වංක නිලධාරීන් හා ඉංජිනේරුවන් අතලොස්සක් හා සටකපට දේශපාලනඥයින් දෙතුන් දෙනෙක්ගෙන් සැදුම් ලත් විදුලි උගුල් අටවන්නන්ගේ සංගමයේ නව අනුශාෂක ධුරයට ජනාධිපති ලේකම් වරයා පත් වී ඇති බව ඔහු විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට කල නියෝගය පෙන්වා දෙයි.

විදුලි ගාස්තු වැඩකිරීමකදී විදුලිය මිලදී ගත්තේ කීයටද යන්න දැන ගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබේ. සිදුවන සියළුම විදුලි ගනුදෙනු වල තොරතුරු විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතු ය. විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයාට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තිබිය යුතු ය. අසාධාරණ විදුලිය මිලදී ගැනීම් වලට එරෙහි වීමටද විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු ය. විදුලි පාරිභෝගකයා සතු මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

එපමණක් නොව විදුලිය පිළිබද පැමිණිල්ලකදී විදුලි සේවාව සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වු විටදී ඒ සදහා සාධාරණය ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි පාරිභෝගිකයා ආරක්ෂ කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට තැත් දැරීම ජනතාවාදී රජයක් අපහසුවට හා අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව නොරහසකි. මේ කුමන්ත්‍රණයේ හවුල් කරුවන් හෙලි කර ඔවුන් ට දඩුවම් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනාධිපතිතුමා හා අගමැතිතුමාගෙන් ඉල්ලා සීටී.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක්.. ඒකක 90 බිල 5000 පනී
විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක්.. ඒකක 90 බිල 5000 පනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtssKzgNPaOuMGWcN0DUbwp1noMiD6HYbtNm024Nd8qlyLQmxiDRzNd-OmnnRTNomeg460byKwLPjMKKBadUiL5cwAhzvvmiQNTPXVGo7-AyyOtGQt1bbYcnixlpUyxvELfWCGCCYskvQ/s320/ceb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtssKzgNPaOuMGWcN0DUbwp1noMiD6HYbtNm024Nd8qlyLQmxiDRzNd-OmnnRTNomeg460byKwLPjMKKBadUiL5cwAhzvvmiQNTPXVGo7-AyyOtGQt1bbYcnixlpUyxvELfWCGCCYskvQ/s72-c/ceb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/50-90-5000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/50-90-5000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy