දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !
Homeප්‍රවෘත්ති

Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !

PropellerAds

කො විඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරය තුළ මිය යන පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනාගාරය වෙත ගෙන යාමට මිනි පෙට්ටි සපයා ගැනීමේදී මෘත ශරීරාගාර සේ...

මහවැලියේ මහා ඉඩම් කොල්ලයක් – ඇමති රොෂාන් රණසිංහගේ නමත් කියැවෙයි
"මට තියෙන පුදුමේ අනුර කුමාරට සහ ජවිපෙට නීතිය ක්‍රියාත්මක නොකරන එක ගැන" - මැයි රැලියේදී අනුර සහ රනිල් අතර ඩීල් එකක් ගැන ජොන්ස්ටන් හෙළිකරයි (VIDEO)
කටාන හිටපු සභාපති මරා දැමූ බව කියන වත්තේ මුරකරු වහ බීලා! පොලිසිය ඉස්පිරිතාලෙට ගිහින් අත්අඩංගුවට ගනී!
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරය තුළ මිය යන පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනාගාරය වෙත ගෙන යාමට මිනි පෙට්ටි සපයා ගැනීමේදී මෘත ශරීරාගාර සේවකයන් (මෝචරි) දැඩි අපහසුතාවයකට ලක්වන බව වාර්තා වේ.

ඒ මෙසේ මිය යන ඇතැමුන්ගේ සමීපතම ඥාතීන් නිරෝධායනයට ලක්ව සිටීම, ඥාතීන් සන්තකයේ මුදල් නොමැතිවීම හා ඇතැම් අවමංගල්‍ය ශාලා මිනි පෙට්ටි සඳහා විශාල මුදලක් අය කිරීම යන කාරණා නිසාය.

එසේම ඇතැම් මල් ශාලාවල ඇති මිනි පෙට්ටි ශක්තිමත් බවකින් තොරවී ද මේ තත්ත්වය තීවුර කර ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් මෘතශරීර ප්‍රවාහනය සඳහා ජාතික රෝහල මගින් යොදවා ඇති ගිලන් රථයේ රියැදුරු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනා මෙන්ම අධිකරණ වෛද්‍ය ආයතනයේ මෘතශරීර විච්ඡේදන ශිල්පීන් හටද එම කාර්යය සම්පූර්ණ වන තුරු බොහෝ වේලාවක් ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ ගෙන බලා සිටීමට සිදුව ඇති බව පැවසේ.

කෙසේවුවද, මේ මෘතශරීර බහාලුමක තැන්පත් කොට (Body Bag) ඇති නිසා ඒවායින් විෂබීජ පරිසරයට නිරාවරණය නොවීම ඇති එකම සහනයැයි මෘතශරීරාගාර සේවකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

රජය මැදිහත් වී ටෙන්ඩර් පටිපාටියක් තුලින් හෝ අඩු වියදමකින් සංවෘත ශක්තිමත් පෙට්ටියක් ඉකිමනින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හෝ එම කාර්යය යම් පරිත්‍යාගශීලි ආයතන හා පුද්ගලයින් වෙතින් සිදු කර ගැනීමේ හැකියාවක් තිබේ නම් එය විශාල සේවයක් බව එම සේවකයා වැඩිදුරටත් කීය.

වැල්ලම්පිටි කතගේ දේහය පැය 48ක් මෘත ශරීරාගාරයේ !

ඉකුත් 04 වැනිදා ස්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය වැල්ලම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය පැය 48කටත් වැඩි වේලාවක් මෘත ශරීරාගාරයේ තිබූ බවද මේ අතර වාර්තා වේ.

නිරෝධායන නීති අනුව දේහයක් ආදාහනය කිරීම පැය 24ක් තුළ සිදු කළ යුතු වුවද මිනි පෙට්ටියක් සපයා ගැනීමට නොහැකිවීමෙන් මෙම කාන්තාවගේ දේහය මෘතශරීර බහාලුමක (බොඩි බෑගයක) දාම රෝහල් මෘත ශරීරාගාරයේ පැය 48කට වැඩි කාලයක් තබා ගැනීමට සිදුව ඇති බවද පැවසේ.

ඡායාරූප - නලින් හේමන්තගේ ෆේස්බුක් පිටුවෙනි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !
Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5Il-33t10D6b8LEp8wAbTsOgzsVxYwQImOI_hSObOSyk_pbJ-rwreuFI8ceWXdNTFO3tBYeD3iD7CbjWMvn6zKKrPIAFLMxE_38dVTt2-wqqWgZe_tbe_a0yVDZTQK13xqsOb98MjRLY/s320/13532fa047fc50566843a6b655885836_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5Il-33t10D6b8LEp8wAbTsOgzsVxYwQImOI_hSObOSyk_pbJ-rwreuFI8ceWXdNTFO3tBYeD3iD7CbjWMvn6zKKrPIAFLMxE_38dVTt2-wqqWgZe_tbe_a0yVDZTQK13xqsOb98MjRLY/s72-c/13532fa047fc50566843a6b655885836_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/mo.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/mo.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy