වි දේශීය ඔත්තු සේවාවලට රට තුළට පැමිණීමට ඉඩදීම කිසිසේත්ම යෝග්‍ය නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව...
විදේශීය ඔත්තු සේවාවලට රට තුළට පැමිණීමට ඉඩදීම කිසිසේත්ම යෝග්‍ය නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එබව අවධාරණය කර තිබේ.
එමඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසයි.
ඔත්තු සේවා ප්‍රමුඛ ආරක්ෂක අංශවලට ස්වාධීනව සිය රාජකාරී ඉටු කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම ද ජනාධිපතිවරයාගේ වගකීමක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් දක්වා ඇත.
අයි එස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක මැදිහත්වීම සහිතව ශ්‍රී ලංකාව තුළ දියත්වන ත්‍රස්තවාදී ක්‍රියාවලිය මඟින් අවසානයේ සිරියාවේ සිදු වූ ආකාරයට බාහිර මැදිහත්වීමකට පාර කැපෙනු ඇති බව මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් අනතුරු හඟවා සිටියි.
'අපරාධකරුවන් නීතිය හමුවට ගෙනඒමට පමණයි'
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව තුල සිය මෙහෙයුම් සම්බන්ධයෙන් මෙසේ එල්ලවන විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ, "ප්‍රහාරවලට සම්බන්ධ කෙටිකාලීන සහ විශේෂිත වූ කාරණා සඳහා" එක්සත් ජනපද විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා හවුල්කරුවන් (නිලධාරීන්) සමග සමීපව කටයුතු කරමින් සිටින නමුත්, එක්සත් ජනපද විශේෂඥයන් දිගුකාලීනව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමක් බලාපොරොත්තු නොවන බවයි.

COMMENTS