දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වීරවංශ කළේ නුගේගොඩ රැළියේ කතාවක් පැවැත්වීම විතරයි... සෙනඟ ගෙන්නුවේ බැසිල් - පතිරණගෙන් අහියෝගයක් !
Homeප්‍රවෘත්ති

වීරවංශ කළේ නුගේගොඩ රැළියේ කතාවක් පැවැත්වීම විතරයි... සෙනඟ ගෙන්නුවේ බැසිල් - පතිරණගෙන් අහියෝගයක් !

PropellerAds

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු නුගේගොඩ පැවති මහින්ද සුළඟ රැළියට සෙනඟ ගෙන්වා දුන්නේ ඇමරිකාවේ සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් බවත් ...

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝඨා සියළු පොහොට්ටුවන්ට දන්වති
ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී කොටුවෙයි - සහරාන්ට සහය දැක්වු පිරිසකුත් ඒ අතර
ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී කොටුවෙයි - සහරාන්ට සහය දැක්වු පිරිසකුත් ඒ අතර
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු නුගේගොඩ පැවති මහින්ද සුළඟ රැළියට සෙනඟ ගෙන්වා දුන්නේ ඇමරිකාවේ සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් බවත් විමල් වීරවංශ මහතාගේ කල්ලිය අද එම රැළියට අයිතිවාසිකම් කියාගෙන පැමිණියත් වීරවංශ මහතා එහිදී කළේ කතාවක් පැවැත්වීම පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය වරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කළ සටහන පහතින් දැක්වේ. 

***************************************************

ඇතැමුන් තාමත් නුගේගොඩ රැළිය මතක් කරමින් මහින්ද බලවේගයට උරුමක්කාර කම් කියමින් කරන කණවැන්දුම් අඳෝනා කෙළවරක් නැති නිසා ඒ ගැන සත්‍ය ලිවීමට සිදුවීම ගැන කණගාටුවෙන් වුව ලියමි. මේවා මේ මොහොතේ මාතෘකා විය යුතු ම නොවේ. එහෙත් එක්තරා කල්ලියක් විසින් නැවත වරක් බැසිල් රාජපක්ෂ මහතා ගැන බොරු ප්‍රචාරයක් ගෙන යමින් කරන කන්දොස්කිරියාව නිසා ම ලියමි.

පරම සත්‍ය නම් නුගේගොඩ රැලිය කොළඹ නියෝජනය කරමින් සංවිධානය කළේ ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසයි. ගම්පහින් එය ප්‍රසන්න රණතුංගයි. තවත් එවක ශ්‍රීලනිප මන්ත්‍රීවරු රැසක් සිටියහ. සියල්ල සිදු කළේ ඒ වන විට ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ බවද අවධාරණය කරමි. කොටින් ම එදින ජනතාව රැගෙන පැමිණි සියළු බස්රථවලට මුදල් ⁣ගෙවන ලද්දේ පවා බැසිල් රාජපක්ෂ මහතා විසිනි. සෙනග රැගෙන ආවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත් වීම මත ලංකාවේ හතරදිග් භාගයේ සිටින ප්‍රාදේශීය, නගර සභා ඇතුළු මන්ත්‍රීවරුන් ය. ඕනෑම රැළියකට සේම ස්වේච්ඡාවෙන්ම පැමිණි විශාල පිරිසක් ද ඊට සහභාගි වූ බව ඔවුන්ට සාධාරණනයක් ලෙස කියමි. ඒ නිසා නුගේගොඩ මතක් කරමින්, අඳෝනා තබමින් විමල් වීරවංශ කල්ලිය ගෙන යන තුච්ඡ වැඩ වැඩ පිළිවෙල අප්‍රසන්න එකකි. 

වීරවංශ නුගේගොඩ දී කළේ එක් දෙයක් පමණි. ඒ කතාවක් පැවැත්වීමයි. ඊට වඩා කිසිවක් ඔහුගෙන් සිදු නොවීය. තිබේ නම් කියන ලෙස අභියෝග කරමි. ඒ නිසා, නුගේගොඩ මතක් කරමින්, තම කොටස නොදුන් බව අඟවමින් ගෝලයින් ලවා කොස් ඇට බාවන වැඩේ විමල් වීරවංශ මහතා විසින් දැන්වත් නැවතිය යුතු වේ. මන්ද මේ දේශපාලනය කරන කාලය නොව, රට හැදීමට උරදෙන කාලය නිසාය. අමතර වශයෙන් කිව යුත්තේ 20 වැනි සංශෝධනය අනුමත වීම තමන්ගේ පරාජයක් ලෙස විමල් සිතන්නේ නම් එය ඔහුගේ හීනමානයේ ප්‍රශ්නයක් මිස අපගේ ප්‍රශ්නයක් නොවන බවයි. අප නම් ඔහු ගැන එසේ සිතන්නේ නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වීරවංශ කළේ නුගේගොඩ රැළියේ කතාවක් පැවැත්වීම විතරයි... සෙනඟ ගෙන්නුවේ බැසිල් - පතිරණගෙන් අහියෝගයක් !
වීරවංශ කළේ නුගේගොඩ රැළියේ කතාවක් පැවැත්වීම විතරයි... සෙනඟ ගෙන්නුවේ බැසිල් - පතිරණගෙන් අහියෝගයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZolRxflhKctzeamvuXxPGFHo4Y9Qeg-puBgYwpLxKgnjJUaNiXsoh-A_zXyDk1G0Avp3wFouGzoAPiGZGT-uQVcHLT0AhCzaLajY_OFTpLkn2DqSY_fULUhyphenhyphenM61jSMnFqlvaCS8MTJsU/s320/image_13e9b3bfab.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZolRxflhKctzeamvuXxPGFHo4Y9Qeg-puBgYwpLxKgnjJUaNiXsoh-A_zXyDk1G0Avp3wFouGzoAPiGZGT-uQVcHLT0AhCzaLajY_OFTpLkn2DqSY_fULUhyphenhyphenM61jSMnFqlvaCS8MTJsU/s72-c/image_13e9b3bfab.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy