දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උද්දික ප්‍රේමරත්න ‘ප්‍රවෘත්තිවල ප්‍රමිතිය හදන්න’ කතා කරයි
Homeප්‍රවෘත්ති

උද්දික ප්‍රේමරත්න ‘ප්‍රවෘත්තිවල ප්‍රමිතිය හදන්න’ කතා කරයි

PropellerAds

වෙ බ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්...

බිරිඳට වෙඩි තැබුවායි කියන කර්නල්ගේ ගිනි අවිය සොයාගනී (VIDEO)
ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)
නකල්ස් රක්ෂිතයේ ගින්නක් - අක්කර 500ක් විනාශයි (PHOTOS)
වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කර සිටියා. සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මෙහිදී පැවසුවා.

එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් අදහස් දක්වමින් මෙහිදි කියා සිටියා.

පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල උපදේශක කාරක සභාවේ දී අවධාරණය කර සිටියා.

ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසුවා. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් පැවසුවේ පුවත්පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඔහු සඳහන් කළා.

අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් ප්‍රකාශ කර සිටි අතර පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්‍යවරයා පෙන්වා දුන්නා.

ජනමාධ්‍ය ආයතනවලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මෙහි දී අවධාරණය කර සිටියේය. සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසුවා.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා වුණා.

ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරින් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කාරක සභාවේ අවධානය යොමු කළා.

ස්වාධින රූපවාහිනි සේවයට වසර 04 ක් තුළ සභාපතිවරුන් 06 දෙනෙක් පත්කර තිබෙන බවත් 2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තා වලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දුන්නා.

පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වු බවත්, වසර 02 ක් තුල එම ආයතන ලාභ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.

ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ, මාධ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් සහනදායි ණය ලබා දෙන බවත් , ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නොමැති බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නා.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආර්ම්භ කරන බවත් , සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේ දී ආරම්භ කරන බවත් , ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දුන්නා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උද්දික ප්‍රේමරත්න ‘ප්‍රවෘත්තිවල ප්‍රමිතිය හදන්න’ කතා කරයි
උද්දික ප්‍රේමරත්න ‘ප්‍රවෘත්තිවල ප්‍රමිතිය හදන්න’ කතා කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN2d3LeChnevmJIcM2cEySBvM_NFYyQBFZK7FJvbKIPVqUvpvXVttYYwXhCaTRjiE4FsVp_tX83OS7Z_ntGTvWf1u5ZXW6SFKGUIy7OUmxH8N1wAHS7z7VGzvVAHkS6KAd51lJxCA_Ok0/s320/uddika-premarathna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN2d3LeChnevmJIcM2cEySBvM_NFYyQBFZK7FJvbKIPVqUvpvXVttYYwXhCaTRjiE4FsVp_tX83OS7Z_ntGTvWf1u5ZXW6SFKGUIy7OUmxH8N1wAHS7z7VGzvVAHkS6KAd51lJxCA_Ok0/s72-c/uddika-premarathna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy