මාලඹේ, ඉසුරුපුර ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇගේ සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයාගේ ගිනි අවිය ඊයේ (30) ...
මාලඹේ, ඉසුරුපුර ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇගේ සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයාගේ ගිනි අවිය ඊයේ (30) බත්තරමුල්ල, ජපන් මිත්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබී පොලීසිය විසින් සොයා ගත්තේය.
අදාළ කාන්තාවට වෙඩි තැබීයැයි සැකපිට යුද හමුදා ලූතිනන් කර්නල්වරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ රියදුරුවරයා පොලීසියට සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.
පසුගිය 27 වනදා රාත්‍රියේ 43 හැවිරිදි තිදරු මවක් වන මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාලඹේ - ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස තුළ සිටියදීය.
ඇය සිය දරුවන් සමග නින්දට යාමට සූදානම් වන අවස්ථාවේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ නිවසේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් ඇයට වෙඩි තබා පළාගොස් ඇති බවටයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු කාන්තාව 47 හැවිරිදි තම සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර ඒ අනුව සැකකාර ලූතිනන් කර්නල්වරයාට ඇය පදිංචි නිවසට පැමිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මේ වනවිටත් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන මෙහෙයවයි.
වීඩියෝව පහතින්.
COMMENTS