කො රෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය නොකොෙ භූමදානය කිරීමේ වරප්‍රසාදය ඉස්ලාම් ආගමිකයන්ට හිමිවන්නේනම් ඒම වරප්ප්‍රසාදය අනිවාර්යෙන...
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය නොකොෙ භූමදානය කිරීමේ වරප්‍රසාදය ඉස්ලාම් ආගමිකයන්ට හිමිවන්නේනම් ඒම වරප්ප්‍රසාදය අනිවාර්යෙන්ම හින්දු භක්තිකයන්ටද හිමිවිය යුතු බව සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී. අරුල්කාන්ත් මහතා අවධාරණය කරයි.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මෘතදේහ සදහා වැඩිම වේලාවක් අවසන් කටයුතු ආගමිත වතාවත් සහ චාරිත්‍ර – වාරිත්‍ර ඉටුකරන්නේ හින්දු භක්තිකයන් බවයි.
කොරෝනා රොු්ගය වැළදීමේදී ඒය ජාති ආගම් පදනම් කරගනිමින් නොවැලදෙන බවත් මෙලොව වෙසෙන සෑම පුද්ගලයෙකුටම මෙම රෝගය වැළදීමේ අවධානම පවතින බවත් ඔහු සදහන් කරයි.
මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ සදහා අවසන් ගෞරව දැක්වීමේ ආගමික් වතාවත් ඉස්ලාම් ආගමිකයන් පමණක් නොව බෞද්ධආගමිකයන්ද, හි් ආගමිකයන්ද, කතෝලික ආගමිකයන්ද දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් සිදුකරන බවත් ඒහෙත් රට පත්ව ඇති මෙවැනි අවධානම් තත්වයකදී රජයට සහය පළකල යුතු බවත් රටේ පවතින නීතියට සියල්ලෝම ඒකගවිය යුතු බවත් පවසන ඔහුු අසන්නේ මේ සම්බන්ධව රජයට බලපෑම් සිදුකිරීමට බෞද්ධ, හින්දු හෝ කතාේලික භක්තිකයන් කටයුතු නොකරද්දී ඉස්ලාම් භක්තිකයන් පමණක් මේ ආකාරයෙන් ඉල්ලීම් සිදුකිරීම පිළිගත හැකිද යන්නය.
කොරෝනා රෝගය වැළදී මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් මත විනා ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම් වල ඉල්ලීම්වලට නොවන බව පවසන ඔහුු ඉල්ලා සිටින්නේ ඒ කණ්ඩායම්වල ඉල්ලීම ඉටුකිරීමට රජය කටයුතු කරන්නේනම් බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවටද ඒම අවස්ථාව ලබාදිය යුතු බවය.

COMMENTS