තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්...
තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුවේදී ය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," තොරතුරු පනත හමස් පෙට්ටියේ දාලා තියෙන පණතක් නොවෙයි. එළඹෙන පෙබරවාරි 04 වෙනිදා මේ පණතේ පළමු තොරතුර ලබා දෙනවා. තොරතුරු දැනගැනීමේ පනතින් ආණ්ඩුව වීදුරු කුඩුවක් ඇතුළට ගිය හා සමානයි. ආණ්ඩුවකට ලේසි නැහැ මේ පනත සම්මත වුණු එක. ආණ්ඩුවට තොරතුරු දීලා වැඩ කරන්න පුළුයන් කියන එක ලේසි වැඩක් නොවෙයි" යනුවෙන් කියාසිටියේය.
COMMENTS