මහනගර සභාවල කසල එකතුකිරීමේ නිරත සනීපාරක්ෂක කම්කරුවන්ට සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි...
මහනගර සභාවල කසල එකතුකිරීමේ නිරත සනීපාරක්ෂක කම්කරුවන්ට සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
අමාත්‍යවරයා කියාසිටියේ පසුගියදා මහනගර සභාවල සනීපාරක්ෂක කම්කරුවන් සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.
පසුගිය පළමුවනදා සිට මහනගර සභා බල ප්‍රදේශවල වර්ගීකරණය කළ කසල එකතුකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර එහි ප්‍රගතිය ද අමාත්‍යවරයාගේ නීරීක්ෂණයට ලක්වී තිබේ.
එහිදී මළාපවහන නඩත්තු කම්කරුවන්ට ලබා දෙන දූවිලි දීමනාව කසල එකතුකරන සනීපාරක්ෂක කම්කරුවන්ට ද ලබා දෙන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම සනීපාරක්ෂක කම්කරුවන් මාස 03කට වරක් වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරීමටත් ඔවුන්ට අත්වැසුම් ආදී ආරක්ෂක උපකරණ අනිවාර්ය කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කර තිබේ.
COMMENTS