කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ...
කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.
ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.
විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
COMMENTS