බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය...
එම ආයතනයට එරෙහිව ඊයේ (19) පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද මඩකලපුව නගරයේ විරෝධතාවක නිරත විය.
විරෝධතා පාගමනින් මඩකලපුව නගරයේ ගමන්ගත් පිරිස පසුව ඔරලෝසු කණුව අසළට පැමිණ සිය විරෝධය පළ කළේය.
අනතුරුව භික්ෂුන්වහන්සේ එම ස්ථානයේ සත්‍යක්‍රියාවක්ද සිදු කළේය.
එහිද අදහස් දැක්වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසුවේ බැටික්ලෝ කැම්පස් ආයතනය මුළුමනින්ම නවත්තන්න අවශ්‍ය බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ එය රජයට පවරාගත යුතු බවත් එහි ඇත්තේ මුස්ලිම් නීති සහ ප්‍රතිපත්ති පමණක් බවත් මෙය විශ්වවිද්‍යාලයක් නොවන බවත්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මේ රටේ තිබෙන මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න අඩිතාලමක් දමා තිබෙන බවද ඔහු පවසයි.
ලංකාවේ සිටින සෑම කෙනෙකුගෙම ආරක්ෂාව මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් එහිදි අදහස් දැක්වීය.
මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව සිංහලේ අපි ජාතික සංවිධානය පවසයි.
මේ අතර අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට පැමිණියේය.

COMMENTS