පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය 16 වැනිදාට පෙර දිනයක් වනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි. මේවන විට ආණ්ඩුවට අවශ්‍ය කරන බහුතරය තිබෙන බ...
පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය 16 වැනිදාට පෙර දිනයක් වනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
මේවන විට ආණ්ඩුවට අවශ්‍ය කරන බහුතරය තිබෙන බවත් ඒ අනුව ආණ්ඩුව සංයුතිය වෙනස් වන බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
මේ අතර ජනාධිපති කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලයට කල දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය සදහන් ගැසට් පත‍්‍රය අද මධ්‍යම රාත‍්‍රියේදී නිකුත් කිරීමට නියමිත බවත් ඒ සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකිරීමට පෙර පාර්ලිමේන්තුව ලබන මස 5 වනදා රැස්වීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතලවලට අනුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ අතර, එය ලබන 16 වනදා දක්වා කල් දමා තිබේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර පැවති සාකච්ජාවේදී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලූ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට කථානායකවරයා එකඟ වී ඇත.
COMMENTS