ආ න්ඩුව විසින් වාහන ආනයනය අත්හිටුවා තිබියදී රටින් ගෙන්වු සුපිරි වාහන 300ක් පමණ වරායෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉතා විශ්ව...
ආන්ඩුව විසින් වාහන ආනයනය අත්හිටුවා තිබියදී රටින් ගෙන්වු සුපිරි වාහන 300ක් පමණ වරායෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මෙම වාහන 300ට ඇතුළත් සමහර සුපිරි වාහන ආනයනය කර ඇත්තේ ණයවර ලිපි හෝ නිකුත් කිරීමකින් තොරව බව වාර්තා වේ.
කොරොනා වසංගත තත්වයත් සමඟ කඩා වැටුණු රාජ්‍ය ආදායම ස්ථාවර තත්වයකට ගෙන ඒම සඳහා රජය විසින් ආනයන තහනම් කිරීමට යොමු වූ නමුත් මෙම සුපිරි වාහන 300 “සානුකම්පිත” පදනම මත නිදහස් කරන ලෙස තමන්ට ඉහළින් ඇමතුම් ලැබෙන බව ශ්‍රී ලංකා රේගුවේ ඉහළ නිළධාරීහු පවසති.
-lankatruth

COMMENTS