කො රෝනා වසංගතය නිසා ආදායම් මාර්ග අහිමි වූ පවුලක් සඳහා රුපියල් 20,000ක් ලබාදිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ සමයේදී ද ප්‍රකාශ කළත් ජ...
කොරෝනා වසංගතය නිසා ආදායම් මාර්ග අහිමි වූ පවුලක් සඳහා රුපියල් 20,000ක් ලබාදිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ සමයේදී ද ප්‍රකාශ කළත් ජනතාව එය ප්‍රතික්ෂේප කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
"මෙතෙක් ඇතිවෙලා තියෙන ජනතාව මුහුන දීපු සියලු අපහසුතා වෙනුවෙන් රජය ඉතාම වගකීමෙන් කටයුතු කළා. දැන් මේ විපක්ෂ නායකතුමා විසි දාහක්, තිස් දාහක් දෙන්න ඕනෙ කියලා මැතිවරණ කාලෙත් කිව්වානෙ. හැබැයි එතුමාගේ ප්‍රකාශය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා අපි වගකීමෙන් රජයක් හැටියට කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියටත් ඉතාම වගකීමෙන් කටයුතු කරලා මේ රටේ සියලුම ජනතාව රැක බලාගන්න අවශ්‍ය කටයුතු යොදනවා ගරු කථානායකතුමනි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ කොරෝනා වසංගතය හේතුවෙන් හුදෙකලාවට ලක් කර සිටින ප්‍රදේශවල ජනතාවට මුදල් දීමනා සහ ආහාර ද්‍රව්‍ය සැපයීමේදී මතුව ඇති ගැටළු පිළිබඳ ස්ථාවර නියෝග අංක 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මාසයක් සඳහා පවුලකට රුපියල් 5000ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් අවම වශයෙන් රුපියල් 20,000ක් ලබාදිය යුතු බවත් දෙදෙනෙකු සිටින පවුලකට පවා සිය අවම වියදම් පියවා ගැනීමට රුපියල් 15000ක් පමණ වැය වන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළ අතර ආධාර බෙදාදුන් ආකාරය සහ ප්‍රමාණයන් පිළිබඳ රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
රජය වෙනුවෙන් පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශය කළ ෂෙහාන් සේමසිංහ මහතා රුපියල් විසිදාහේ කතා කියමින් ජනතාව කුලප්පු කරන බවට විපක්ෂයට චෝදනා කළ අතර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා සිකුරාදා දිනය දක්වා කාලය අවශ්‍ය බවත් සඳහන් කළේය.

COMMENTS