මු ලතිව් මුල්ලීයවලෙයි නාගන්සෝලෙයි ප‍්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනයේ අක්කර 180ත් 200ත් අතර ප‍්‍රදේශයක සියලූම දැව පිරිසක් විසි...
මුලතිව් මුල්ලීයවලෙයි නාගන්සෝලෙයි ප‍්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනයේ අක්කර 180ත් 200ත් අතර ප‍්‍රදේශයක සියලූම දැව පිරිසක් විසින් කපා දමා තිබේ. මෙහි සිදුවන හානිය වාර්තා කිරීමට ගිය මුලතිව් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුට දැව හොරුන් විසින් පහරදී තුවාල සිදුකොට ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව පොලිසිය පෙරේදා (17) වැනිදා මුලතිව් අධිකරණයේ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු ගොනු කර ඇත.
වන සංරක්ෂණ නිලධාරීන් නොදැනුවත්ව මෙතරම් විශාල භූමි ප‍්‍රදේශයක දැව කපා ප‍්‍රවාහනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව එහිදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම සම්බන්ධ නඩුව විභාග කිරීම තවමත් අවසන්ව නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
මාධ්‍යවේදීන්ට පහර දුන් පසුව සිද්ධිය යටපත් කිරීම සඳහා අදාල වන බිම පෞද්ගලික ඉඩමක් බව පෙන්වීමට වන සංරක්ෂණ නිලධාරීන් උත්සාහ කළ බවටද චෝදනා එල්ල වී ඇත.
අදාල මාධ්‍යවේදීන් ද මෙම ඉහළ සබඳතා පිළිබඳ හෙළිකර තිබූ අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියි.

COMMENTS