දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසු යළි පී.සී.ආර්. පරික්ෂණයක් නොකර මුදාහරින තීරණයක්
Homeප්‍රවෘත්ති

රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසු යළි පී.සී.ආර්. පරික්ෂණයක් නොකර මුදාහරින තීරණයක්

PropellerAds

රෝහල් ගත කර සිටින කොවිඩ් ආසාදිතයන් අතුරින් රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසුව යළිත් පී.සී.ආර්. පරික්ෂණයක් කිරීමක් නොකර  මුදාහැරීම...

සජිත් පිල අවසන් තීන්දුව ගනී.. අලුත් පක්‍ෂයකින් මැතිවරණට එයි.. රනිල්ටත් දන්වයි
ඇමති විදුර අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !
සජිත්ගේ පක්ෂය පුම්බන වැඩේ මාධ්‍ය ආයතනයක් කරට ගනී !
රෝහල් ගත කර සිටින කොවිඩ් ආසාදිතයන් අතුරින් රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසුව යළිත් පී.සී.ආර්. පරික්ෂණයක් කිරීමක් නොකර  මුදාහැරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (2) පැවසීය.  ඒ අනුව රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන්ගෙන් දින 10ත් 14ත් අතර කාලයකට පසුව තවත් අයකුට වයිරසය ආසාදනය නොවන බැවින් ඔවුන් විශ්වාසයකින් යුතුව මුදා හැරිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

පී.සී.ආර්. පරික්‍ෂණයකින් හඳුනාගන්නේ වයිරසයේ කොටස් මිස සජීවී වයිරසයක්ද නැද්ද යන්න නොවන බව කී වෛද්‍යවරයා රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ගෙන් දින 10ත් 14ත් අතර කාලයකට පසුව තව කෙනකුට රෝගය බෝ නොවන බව ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කළ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇති බවද කීවේය. සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  සුවපත් රෝගීන් නිවෙස් කරා යැවීමත්, පී.සී.ආර්. පරික්‍ෂණ ඵලදායීව යොදාගැනීමත්  අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව ද සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 

රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් සඳහා රෝහල් නොවන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේ ඔවුන්ගෙන් අන් අයට බෝවීම පමණක් වළක්වාගත යුතු නිසා බව හෙතෙම කීවේය.  මේ අතර ඊයේ (2) දිනයේදී සියදිවි නසා ගැනීමක් හේතුවෙන් සිදුවූ මරණය කොවිඩ් ආසාදිත මරණයක් ලෙස භාවිතා කළේ මරණයෙන් පසුව කළ පී.සී.ආර්. පරික්‍ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වූ නිසා යැයි කී වෛද්‍යවරයා මෙය රෝගය නිසා සෘජුව සිදුවූ මරණයක් නොවුණත් ඔහු ආසාදිතයකු නිසාත්, ජනතාවගේ දැනගැනීම සඳහාත් එසේ වාර්තා කළ බව ද කීවේය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මේ වන විට දිනකට පී.සී. ආර්. පරික්‍ෂණ 12,000 ඉක්මවා සිදුකරන බවයි.  

මේ වන විට පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා නියැදි ලබාගත් බහුතරයකගේ ප්‍රතිඵල දැනුම් දී තිබෙන බව කී හේමන්ත හේරත් මහතා දහස් ගණනක් කරන විට එක  දෙකක සටහන්වීමේ අතපසුවීම් විය හැකි නිසා වාර්තා ආවේ නැත්නම් නැවත පරික්‍ෂණය කරවාගත හැකි බව ද කීවේය.

- ඩයනා උදයංගනී-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසු යළි පී.සී.ආර්. පරික්ෂණයක් නොකර මුදාහරින තීරණයක්
රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසු යළි පී.සී.ආර්. පරික්ෂණයක් නොකර මුදාහරින තීරණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSzr1EynQtVxb1llstympwMiDMO2JWTWtrPJIG6HJ343RZ5idOjksx1r5GL66pigarDWAJA__4LlAnQ2ot7o8-ssuChYhESkWa25x0bsq5Pv4jT2FsLdzFiAHKiSoiVLJlIV_GBbNXhCo/s320/PCR_Test.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSzr1EynQtVxb1llstympwMiDMO2JWTWtrPJIG6HJ343RZ5idOjksx1r5GL66pigarDWAJA__4LlAnQ2ot7o8-ssuChYhESkWa25x0bsq5Pv4jT2FsLdzFiAHKiSoiVLJlIV_GBbNXhCo/s72-c/PCR_Test.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/14_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/14_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy