දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගිනි අවි පෙන්වා කළ, කටාන 'කෝටි තුනේ' කොල්ලයේ සම්පූර්ණ විස්තරේ මෙන්න - (CCTV දර්ශණත් එළියට)
Homeප්‍රවෘත්ති

ගිනි අවි පෙන්වා කළ, කටාන 'කෝටි තුනේ' කොල්ලයේ සම්පූර්ණ විස්තරේ මෙන්න - (CCTV දර්ශණත් එළියට)

PropellerAds

ආ යුධ සන්නද්ධව පැමිණි කල්ලියක් විසින් මීගමුව - කටාන - අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් කෝටි 3කට ආසන්න මුදල් සහ...

රාජපක්ෂ පවුලට කාල බෝම්බයක්…මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි
ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
මහනුවර රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර නවතී!
යුධ සන්නද්ධව පැමිණි කල්ලියක් විසින් මීගමුව - කටාන - අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් කෝටි 3කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් තිබෙනවා.
 
පොලිසිය පැවසුවේ ගිනිඅවි පෙන්වා බිය වද්දා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි.
 
මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි 7 දෙනෙකුගෙන් පමණ යුත් කල්ලියක් විසින් මෙම කොල්ලකෑම සිදුකර තිබුණේ අද පෙරවරු 9.20ට පමණ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන ආකාරය එහි සවි කර තිබූ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.
 
ඔවුන් සියලුදෙනා මුව ආවරණ පැළඳ සිටි අතර දෙදෙනෙකු යතුරුපැදි හිස්වැසුම් ද සහිතව පැමිණ සිටියා.
 
එහිදි කොල්ලකරුවන් නිවසේ සිටි සේවකයෙකු බිය වද්දන ආකාරය දැකගත හැකියි.
 
නිවසට ඇතුලු වූ කොල්ලකරුවන් එහි සිටි කෝටිපති ව්‍යාපාරිකයා, බිරිඳ සහ ඔවුන්ගේ දියණිය ගිනිඅවි පෙන්වා බිය වද්දා නිවසේ සාලයේ රඳවා ගෙන ස්ථාන කිහිපයක තිබූ රුපියල් කෝටි 3කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇත්තේ ඉන්අනතුරුවයි.
 
ව්‍යාපාරිකයාට අයත් බේකරි නිෂ්පාදන ආයතනයක් ද අදාළ නිවස පිටුපස පිහිටා ඇති අතර මෙහිදී කොල්ලකරුවන් එහි තිබූ මුදල් ද කොල්ල කා තිබෙනවා.
 
අනතුරුව කොල්ලකරුවන් නිවසින් පිටවන අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් නිවසේ උඩුමහලේ කාමරයක සිරකර අඟුළු දමා පිටව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
 
සිද්ධියෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා කළ දැනුම්දීම මත කටාන පොලිසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
 
ඒ සඳහා පොලිස් නිල සුනඛයෙකු ද යොදාගෙන තිබුණා.
 
මෙහිදී පොලිසිය අදාළ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශ ලබාගත් අතර ඔහු එහිදී සඳහන් කර ඇත්තේ පිස්තෝල දෙකක් තම හිසට තබා සැකකරුවන් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවටයි.
 
අදාළ ව්‍යාපාරිකයා බීඩි නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර ඊට අමතරව ඔහු බේකරි නිෂ්පාදන ව්‍යාපාර සහ හෝටල් කිහිපයක් ද පවත්වාගෙන යනු ලබනවා.
 
සැකකරුවන් කොල්ලකෑම සඳහා යොදාගත් බවට සැකකෙරෙන අත්මේස් කිහිපයක් ද නිවසේ මිඳුලෙහි ස්ථාන කිහිපයක දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගනු ලැබුවා. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගිනි අවි පෙන්වා කළ, කටාන 'කෝටි තුනේ' කොල්ලයේ සම්පූර්ණ විස්තරේ මෙන්න - (CCTV දර්ශණත් එළියට)
ගිනි අවි පෙන්වා කළ, කටාන 'කෝටි තුනේ' කොල්ලයේ සම්පූර්ණ විස්තරේ මෙන්න - (CCTV දර්ශණත් එළියට)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmOXAOlsh4_UoGr_35g4MENzJztY37y44qk2cBkGEnU1AAS1hm27H_y0OYzs-8WRlEDLWcZ7QGkW63kh9GEX0pdXFjhZpbvf1ba2_iGrAiwioZiDuQbfHAZO9Y-Eg_1L1C1GxrIs3X14c/s320/katana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmOXAOlsh4_UoGr_35g4MENzJztY37y44qk2cBkGEnU1AAS1hm27H_y0OYzs-8WRlEDLWcZ7QGkW63kh9GEX0pdXFjhZpbvf1ba2_iGrAiwioZiDuQbfHAZO9Y-Eg_1L1C1GxrIs3X14c/s72-c/katana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/cctv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/cctv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy