දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ පවුලට කාල බෝම්බයක්…මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි
Homeප්‍රවෘත්ති

රාජපක්ෂ පවුලට කාල බෝම්බයක්…මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි

PropellerAds

රාජපක්ෂ පාලනයට වැරදුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ට...

ප්‍රගීත්ට යුක්තිය ඉටුවෙනතුරු රාජපක්ෂවරුන්ට මගේ සාපෙන් මිදෙන්න බැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO)
ෂැංග්‍රිලාවේ සුපිරි මගුලක්! ජනාධිපතිවරු තුන්දෙනෙක්! මහින්ද-බැසිල්-ගෝඨා-රනිල් එකම ‌මේසයක! කෑම බීම උතුරන්න
රජයේ කුණු කොන්ත්‍රාත්තුව අවලංගු කරයි – පරිසර ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ලොක්කන්ට දොස්!
රාජපක්ෂ පාලනයට වැරදුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා අදහස් දක්වයි. දශක කිහිපයක්ම මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ ඒ මහතා විසින් තම සමාජය ගිනුමේ තබා ඇති සටහන මෙසේය.

වැරදුණු හැටි ….

” ගෝඨා ගෝ හෝම් ” යන වැකියට යෝෂිත රාජපක්‍ෂගේ සම්බන්දයක් ඇති බවට දිලිත් ජයවීර කළ ප‍්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වේ .

මෙය රජපක්ෂ පවුල මැදට අත හැරුණු කාල බෝම්බයක් වැනි ය .එහි සත්‍ය අසත්‍ය බව මම නොදනිමි .එයින් දැන් රටේ ජනතාවට වැඩකුත් නැත .

කෙසේ වුවද රාජපක්‍ෂ දේශපාලනයෙන් දේශපාලනඥයින්ට බොහෝ දේ ඉගෙන ගත හැකිය .

රාජපක්ෂ දේශපාලනයේ මුද්‍රාව වන්නේ මහින්ද රාජපක්‍ෂයන් ය .පවුලේ සැමට මුල සිට ආලෝකය වැටුනේ ඔහුගෙනි ;ඔහු ජනතාවාදී නායකයෙක් විය ; හිත හොඳ මිනිසෙකි ; බොහෝ දෙනෙක් ඔහුට ආදරය කළේ ඒ නිසාය .

රටට යමක් කළ නායකයෙකි ; ජනතාවගේ කැමැතෙන් දෙවරක් ජනාධිපති වුයේ තමා ගොඩ නගා ගත් පෞරෂය නිසා ය .එහෙත් ඔහු යම් තැනකදී වරද්දා ගත්තේය .ඔහුගේ බලය පවුලේ කීප දෙනෙකු අනිසි ලෙස පාවිච්චි කළේය .

වැරදුනේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය දෙකක් නොව එකක් සේ සලකා ක්‍රියා කිරීමට යාමෙනි .පවුලේ ඥාතීන් අනවශ්‍ය ලෙස දේශපාලනයටත් රාජ්‍ය පාලනයටත් සම්බන්ධ කළේය . නැත්නම් ඊට ඉඩ හැරියේ ය .ඒ නිසා ඔහුට එතෙක් තිබූ ජනතා ආකර්ෂණය ආදරය ගෞරවය අයිස් කන්දක් සේ දිය වී යාම ආරම්භය විය . තමන් සමඟ දිගු කාලයක් සිටි කල්‍යාණ මිතුරන් බොහෝ දෙනෙක් අහිමි කර ගත්තේය .

ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු තව තවත් තත්වය ආකුල ව්‍යාකුල විය . වියත් මගත් පුපුරා ගියේය ;පාලනය විකාර රූපී විය ; ජනාධිපති ලෙස ගෝඨාභය ද ඥාති සංග්‍රහය තවත් ශක්තිමත් කළේය .

බලය ගත්ත ද බලය පවත්වාගෙන යාමට තිබිය යුතු ප්‍රත්‍යක්ෂ ඥානය ඔහුට තිබුනේ නැත .සොයුරු මහින්දගේ අත්දැකීම් වලින් ගත යුතුව තිබූ දේ ගත්තේ ද නැත .

දේශපාලනය නොදන්නා නිසා දුර දිග නොබලා ක්‍රියා කිරීමෙන් ජනතාවගේ වෛයරයට ක්‍රෝධයට ගෝඨාභය ගොදුරු වූයේ ඉතා වේගයෙනි .රටට යහපත් දෙයක් කරන්නට සිතා සිටියත් එය ඊට ද ඉඩ නොලැබුණි. අවසානයේදී ඔහුට අත් විඳීමට සිදු වු ඉරණම ගැන කවුරුත් දනිති .

*ජනප්‍රියත්වය වැරදි ලෙස තේරුම් ගැනීම .
*අත්මර්ථකාමිත්වය .
*බලයෙන් අහංකාර වීම .
*බලය සැමදා ඇතැයි සිතීම
*තමන්ට සිටි කල්‍යාණ මිතුරන් අහිමි කර ගැනීම .
* සීමාවක් නැති ව ඥාති සංග්‍රහයේ යෙදීම .

මේ සාධක රාජපක්‍ෂවරුන්ගේ පරිහානියට හේතු විය . ඔවුන් තවමත් එය තේරුම් ගෙන සිටී ද යන්න ප්‍රශ්නයකි .

ඉහත කරුණු අනාගතයේ නායකයන් වීමට බලා සිටින සියලු දෙනාත් දනට සිටින නායකයන් සියලු දෙනාත් සිහිපත් කර ගන්නේ නම් යහපති .


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ පවුලට කාල බෝම්බයක්…මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි
රාජපක්ෂ පවුලට කාල බෝම්බයක්…මහින්දගේ බලය පවුලේ අය යෙදවූ හැටි හිටපු ලේකම් හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgY6xilnqe_R1KhR7yz5YtmEguOvKQ1JUlG3IcwiU5RhZ-xJkaSoK8F9zEQTKbuwe5uDV_agMJmI7WifpoqviGCQmst1I7GYIc1fwP0Qy1EsrS0_deACt-C1oRSdhjajCGblGEbeHARZ3XM7pfQPXyNfkTdteaYQQPTyUTEwqX1UBT6ttCJy1xUaw/s320/kumarasiri.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgY6xilnqe_R1KhR7yz5YtmEguOvKQ1JUlG3IcwiU5RhZ-xJkaSoK8F9zEQTKbuwe5uDV_agMJmI7WifpoqviGCQmst1I7GYIc1fwP0Qy1EsrS0_deACt-C1oRSdhjajCGblGEbeHARZ3XM7pfQPXyNfkTdteaYQQPTyUTEwqX1UBT6ttCJy1xUaw/s72-c/kumarasiri.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy