උ ද්ගතව ඇති තත්ත්වය හමුවේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීතිය ගැසට් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඊයේ (...
උද්ගතව ඇති තත්ත්වය හමුවේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීතිය ගැසට් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඊයේ (5 වැනිදා) උපදෙස් දුන්නේය.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ජනපති කාර්යාලයේදී (5 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇත.
කොවිඩ් මර්දනය සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මහජනතාව නිසි ලෙස පිළිනොපැදීම ගැන වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවේදී කරුණු පෙන්වා දී ඇත.
මේ අනුව වහාම නිරෝධායන නීතිය ගැසට් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
නිරෝධායන නීතිය යටතේ මුඛවාඩම් පැලඳීම, සමාජ දුරස්ථභාවය, පොදු ප්‍රවාහන සේවාවලදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, දෑත් පිරිසුදු කිරීම ඇතුළු කාරණා නීති ලෙස ගැසට් පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතය.
මෙහිදී නීති ගැසට් කළ පමණින් සුළු වැරදිවලට ජනතාවට හිරිහැරයක් නොවන අයුරින් ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇත.
නිරෝධායන නීතිය ගැසට් කරන ලෙස මහජන පරීක්ෂකවරුන් මීට පෙර වෘත්තීය ක්‍රියාමාර්ගවලටද එක්වූයේ තමන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවූ ගැටලු මතය.

COMMENTS