දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල හෙළිවේ ? – ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබුණා ලු.. ඇත්ත බව තහවුරු නෑ !
Homeප්‍රවෘත්ති

බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල හෙළිවේ ? – ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබුණා ලු.. ඇත්ත බව තහවුරු නෑ !

PropellerAds

මෙ රට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලය...

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ..
ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි
දිනන්න බැරි නිසා නාම යෝජනා දුන්නේ නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා - වෙල්ගම
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව පුවත්පතක් සඳහන් කරනවා. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී ඇති බවයි එහි සඳහන් වන්නේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා.

ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුයි.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙනවා.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වන අතර එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර තිබෙනවා.

හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා තිබුණා.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වන අතර හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කර තිබෙනවා.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබුණා.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී තිබු අතර එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා වුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල හෙළිවේ ? – ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබුණා ලු.. ඇත්ත බව තහවුරු නෑ !
බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල හෙළිවේ ? – ජනපතිට බුද්ධි වාර්තාවක් ලැබුණා ලු.. ඇත්ත බව තහවුරු නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOu_eu4XxG2B0wMACi-p1Zj4pa1SU1YiThMLlMJ6tqxSLms4ocwdJg-BvC8mOz4OZ9bVDRd85vZ9C3rv-T7obmvAlRhvOLyJ4iniy4ZEYvIWQ7pqzZ5jaNPZCx85FdBsyoExsCYYh0sNA/s320/brandix-scaled.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOu_eu4XxG2B0wMACi-p1Zj4pa1SU1YiThMLlMJ6tqxSLms4ocwdJg-BvC8mOz4OZ9bVDRd85vZ9C3rv-T7obmvAlRhvOLyJ4iniy4ZEYvIWQ7pqzZ5jaNPZCx85FdBsyoExsCYYh0sNA/s72-c/brandix-scaled.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_836.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_836.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy