විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමියෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්වී සිටින අමාත්‍ය පාලිත රංගේ...
විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමියෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්වී සිටින අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (28) වනාතවිල්ලුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
මේ අතර පූක්කුලම ධීවර සංවිධානයද අද (28) අමාත්‍යවරයාට සහ ජනතාවට කරන චෝදනා අසත්‍ය බව කියමින් පැමිණිල්ලක් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
තමා පරිසර හානියක් සිදුකර ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඒ බව ඔප්පු කිරීමට නොහැකිවුවහොත් ආනන්ද සාගර හිමියන් චීවරය අතහැරිය යුතු බවත් ඒ මහතා පැවසීය.
සති දෙකක් තුල පාහියන්ගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේට සහ පරිසර වේදින් දෙදෙනකුට විරුද්දව අධිකරණයට යන බවද අමාත්‍ය පාලිත රංගේ බංඩාර කියයි.
COMMENTS