පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කය තුල සිදු වූ නීති විරෝධී ක්‍රියා පහක් සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි යාපනය දි...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කය තුල සිදු වූ නීති විරෝධී ක්‍රියා පහක් සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි යාපනය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී හා දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
එම පැමිණිලි පහ යාපනයේ චාවකච්චෙරි, පේදුරුතුඩුව, උඩුවිල්, සන්දිලිපායි හා වේලනෙයි යන ප්‍රදේශවලින් ලැබුණු බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.
යාපනයේ ප්‍රසිද්ධ ස්ථාන වල බැනර්, පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධව පැමිණිලි තුනක්ද, තර්ජනය කිරීමක් හා අයුතු ලෙස පක්ෂ කාර්යාලයකට ඇතුළු වීම සම්බන්ධයෙන්ද මෙම පැමිණිලි පහ ලැබුණු බව ප්‍රකාශ කල දිස්ත්‍රික් ලේකම්වරයා යාපනය දිස්ත්‍රික්ය තුල මැතිවරණය සම්බන්ධයෙන් වෙනත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති බවද කියා සිටියේය.
ඉදිරිපත් වූ පැමිණිලි පහ සම්බන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් කොට ඒ පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා මේ වන විට යාපනය දිස්ත්‍රික්කය සදහා පළාත් පාලන මැතිවරණයට තරග කරන සියළුම අපේක්ෂකයින්ට මැතිවරණ නීති රීති පිලිබදව දැනුවත් කිරීමක් සිදු කොට ඇතැයිද පැවසීය.
COMMENTS