එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී ත...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබෙනවා.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජෝන් අමරතුංග ඇතුළු නම් කිහිපයක් ලැබී ඇත අතර තරුණ නායකයෙක් ඒ සඳහා පත් කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහසයි.
මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හෙට (19 ) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතයි.
-colomboxnews

COMMENTS