උතුරේ සංවර්ධන කටයුතු විධිමත් කර ගනිමින් එහි උපරිම ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී...
උතුරේ සංවර්ධන කටයුතු විධිමත් කර ගනිමින් එහි උපරිම ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.
උතුරේ සංවර්ධන කටයුතු විධිමත් කිරීම හා ජනතාවට බලපාන දේශපාලනික කරුණු පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ලක් කෙරිණි.
විපක්ෂනායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් ඊට එක්ව සිටියහ.
මේ අතර දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (17) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වී ය.
කඳුරට ජනතාවගේ වැටුප් ගැටලුව හා එම ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු තවදුරටත් විධිමත් කර ගැනීම පිළිබඳ එහිදී අවධානයට ලක් විය.
දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහ අමාත්‍ය පලනි දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාකි‍්‍රෂ්ණන් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.
COMMENTS