මි නුවන්ගොඩ කොරෝනා පොකුරේ පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් මේ දක්වා ආගිය අතක් නොමැති බව ආරක්‍ෂක අංශ සදහන් කරයි. මෙම පිරිසේ පුද්ගලයන් ...
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් මේ දක්වා ආගිය අතක් නොමැති බව ආරක්‍ෂක අංශ සදහන් කරයි.
මෙම පිරිසේ පුද්ගලයන් ආයතනයට ලබා දුන් ලිපිනයන් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශය සතුව තිබුණද අදාළ ලිපිනයන්හි එකී පුද්ගලයන් නොමැති බව ආරක්‍ෂක අංශ සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ හේතුවෙන් අදාළ පුද්ගලයන් සම්බන්ධීකරණය කර ගැනීම ස`දහා විශේෂ දුරකථන අංකයක් හ`දුන්වා දීමටද යුද හමුදාව ඊයේ (08 වැනිදා* කටයුතු කරනු ලැබීය.
ඒ අනුව මෙතෙක් ඉදිරිපත් නොවූ බ‍්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සිටී නම් 011 3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස යුද හමුදාව අදාළ පිරිස් වෙත දැනුම් දී සිටියි.මේ වන විට එසේ ආගිය අතක් නොමැතිව සිටින බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් විශේෂ මෙහෙයුමක්ද අරඹා තිබේ.

COMMENTS