දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්
Homeප්‍රවෘත්ති

20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්

PropellerAds

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කළ යුතුයැයි පවසන වියත්මගෙහි ...

"තමන් හෙට කොළඹට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව සජිත් නායකයා කිරීමට" - හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර
පුද්ගලයින් 188 ක් රැගත් ගුවන් යානයක් මුහුදට කඩා වැටේ (photos)
යළිත් තෙල් හිඟයක්? - තෙල් සංස්ථාවේ වැඩ නවතී
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කළ යුතුයැයි පවසන වියත්මගෙහි අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා දෙමළ දේශපාලන පක්ෂ වල කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කරයි.

එහිදි මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ඕනෑවටත් වඩා බලය තිබෙනවා. ඔහුට පාර්ලිමේන්තුවේ පවා තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ඔහු වටා බලය ගොඩ ගසා තිබෙනවා. එසේ තිබියද ඔහුට වෙනත් බලතල අවශ්‍ය නැහැ. නමුත් මේ ආණ්ඩුවේ වියත් මග කියන කණ්ඩායමක් සිටිනවා. එම කණ්ඩායම ඉතා භායනකයි. රට වටේම ගොස් මේ රටේ ජනාධිපතිවරයා විය යුත්තේ ගෝඨාභමය රාජපක්ෂ මහතාම බවට ප‍්‍රචාරණයන් සිදු කරනු ලැබුවේ එම කණ්ඩායමයි. ඔවුන්ගේ අරමුණ මේ රට එක ජාතියක් එක ආගමක් එක් භාෂාවක් සහිත රටක් බවට පත් කිරීමට ඔවුන් උත්සහා දරනවා. ඔවුන්ගේ කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් ලෙස කටයුතු කරනු ලබනවා. ඒ නිසයි ඔවුන්ට මේ බලය අවශ්‍ය වී තිබෙන්නේ.

සැබැවින්ම මෙම 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ විපක්ෂය මර්දනය කිරිමට වඩා ආණ්ඩුව තුළම ගෝඨාභය රාජපක්ෂ මහතා වටා තවදුරටත් බලය ගොඩ ගැසීමේ අරමුණින්.

මෙහිදි ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තරඟයක් තිබෙන බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. මෙම තත්තවය ඊට එහා ගිය තත්ත්වයක්. වියත්මග කියන කණ්ඩායමේ අරමුණ මේ රටෙ සිංහල බෞද්ධ රටක් බවට පත් කිරිමයි. එම කි‍්‍රයාවට බාධාවන කවරෙකු සිටියත් ඔවුන් එම කණ්ඩායම විසින් පලවා හැරීමට උත්සහා දරනු ඇති. එහි පළමු පියවර ලෙස එකාධිපති ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. ඒ හැර වෙනත් හදිසියක් මොවුන්ට නැහැ. මන්ද ජනාධිපතිවරයාට වර්තමානයේ තිබෙන බලතල අනුව ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රගමනය වෙනුවෙන් සමම්ත වු සංශෝධයක්. එය කි‍්‍රයාත්මක කිරිමේ යම් යම් අඩුපාඩු තිබුණත් එවා නිවැරදි කර ගැනීමක් අවශ්‍ය වුවා මිසක් එය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා පවා ඉවත් කළ නොහැකි යැයි පවසන චෝදනාව අමුලික බොරුවක්. සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් රටේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ඕනෑම අවස්ථාවක එවැනි දෙයක් කරන්න පුුලූවන්.
ඵැවති ආණ්ඩුව කාලයේදි මෙය කළ නොහැකි වුයේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා හා මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යන තනි පුද්ගලයන් අතර තිබුණු බල අරගලය නිසයි. එසේ නොමැතිව නිීතියේ තිබුණු වැරද්දක් නිසා එය සිදු නොවුණා නොවෙයි.

පුද්ගලයින් වෙනස් කිරීමේ හැකියාවක් ඇතත් නීතී වෙනස් කරන්න බැහැ. නීතී වඩාත් යහපත් ආකාරයෙන් සංශෝධනය කිරීමේ හා ශක්තිමත් කිරීමේ හැකියව තිබෙනවා.
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුව පෙනී යන්නේ ජේ ආර් ජයවර්ධන හිටපු විධායක ජනාධිපතිවරයාගේ 78 ව්‍යවස්ථාවටත් වඩා විධායක බලතල සහිත විධායක ජනාධිපතිවරයෙක් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කිරීමයි.

යහපාලන ආණ්ඩුව හොදයි කියල මම කියන්නේ නැහැ. එහි අඩුපාඩු ඕනතරම් තිබුණා. යහපාලන ආණ්ඩුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නේ නැහැ කියල ආණ්ඩුවේම ඇමතිවරයෙක් වශයෙන් මම ප‍්‍රකාශ කළා. නමුත් විපක්ෂය නියෝජනය කළ සුමන්තිරන් මන්තී‍්‍රවරයා පැවසුවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වන බවයි. එහෙත් මම දැන සිටියා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ සිංහල දේශපාලඥයින්ට දෙමළ ජනතාවට විසදුමක් ලබාදීමේ මානසිකත්වයක් හෝ දේශපාලන දැක්මක් නොමැති බව.

නමුත් පැවති හා වර්තමාන රාජපක්ෂ ආණ්ඩු හා සන්සන්දන කරන විට යහපාලන ආණ්ඩුව කාලයේදි ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතීන් ලබාදී තිබුණා.භාෂනයේ නිදහස අරගල කිරීමේ නිදහස ජනාධිපතිවරයා අගමැතිවරයා පවා විවේචනය කිරීමේ නිදහස තිබුණා. නමුත් වර්තමානයේ මේ නිදහස සීමා කර තිබෙනවා. යහපාලන කාලයේ ජනතාවට විරෝධතා දක්වන්න නිදහස තිබුණා. යුද්ධයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ නිදහස තිබුණා. අද ඒ සියල්ල තහනම් කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේදි ස්වාධින කොමිෂන් සභා ඇති කළා. එවායේ යම් අඩුපාඩුවක් තිබේ නම් හදුනා ගත හැක්කේ එවා කි‍්‍රයාත්මක කරන විටයි. පසුගිය කාලයේදි එවැනි අඩුපාඩු දුටුවා. නමුත් එයින් කියවෙන්නේ නැහැ එම කොමිෂන් සභා අසාර්ථකයි කියල. වත්මන් ආණ්ඩුව හදන්නේ මෙම ස්වාධීන කොමිෂන් සභාවල පවතින අඩුපාඩු සකස් කර එවා කි‍්‍රයාත්මක කිරීම වෙනුවට සම්පුරණයෙන්ම අහෝසි කර දැමිමටයි.

මේ වනවිට දෙමළ ජනතාවගේ අයිතින් උල්ලංඝනය කෙරෙන බවට චෝදනා ආණ්ඩුවට එල්ල වෙමින් පවතිනවා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අරගල කිරීමෙන් පමණක් බව තෙරුම් ගත යුතුයි. එසේ නොමැතිව ඉබේම අයිතීන් ලැබෙන අතැයි සිතා නිදා සිිටියහොත් කිසිවක්ම ලැබෙන්නේ නැහැ. දෙමළ දේශපාලන නායකයින් මෙය තේරුම් ගත යුතුයි.
දෙමළ පාර්ලිමේන්තු කණ්ඩායම් එකමුතුවක් අවශ්‍ය බව කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තුවෙදීයි. මගේ එම අදහස බොහෝ දෙනා අගය කළා. නමුත් ප‍්‍රායෝගිකව එය කි‍්‍රයාත්මක වුණේ නැහැ. නැවතත් එම අදහස කරළියට පැමිණ තිබෙනවා. මම එවැනි එකමුතුවක් අවශ්‍ය බව කීවේ දෙමළ ජනතාවගේ පොදු ගැටලූ පිළිබදව කතා කිරීමයි. සැබැවින්ම මෙය සිංහල ජනතාවට හෝ මුස්ලීම් ජනතාවට එරෙහි වුවක් නොවෙයි. එවැනි එකමුතුවක් ස්ථාපිත කිරීමට හැකියාවක් ලැබුණහොත් එහි උපදේශකියන් විමර්ශකයින් ලෙස ප‍්‍රගතිශීලි මුස්ලීම් සිංහල දේශපාලඥයින් එක් කර ගත යුතු වෙනවා. නැත්නම් එය සිංහල ජනතාවට හෝ මුස්ලීම් ජනතාවට එරෙහි එකමුතුවක් බවට චෝදනා කරන්න පුලූවන්. එස් ජේ වී වෙල්වනායගම් මහතා පැවසුවා දෙමළ ජනතාව බේරා ගත යුත්තේ දෙවියන්ම පමණක් බව . නමුත් එසේ කිය කියා සිටියහොත් දෙවියෝ එන්නේ නැහැ අපව බේරා ගන්න එන්නේ නැහැ. අපි අරගල කරන්න ඕන.

දකුණේ සිංහල ජනතාව වැරදි ආකාරයෙන් සිතිය හැකියැයි උපකල්පනය කරමින් දෙමළ නායකයින්ට එකමුතු නොවී සිටිය නොහැකියි. මිය ගිය ඥාතීන් සිහිපත් කිරීමට ඇති අයිතිය යනු අපගේ මුලික අයිතිවාසිකමක්.

රජයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගල සිදුකළ අය හදුන්වන්නේ ත‍්‍රස්ත‍්‍රවාදීන් ලෙසයි. එල්ටීටීඊ සංවිධානය , ඩග්ලස් දේවාන්නදා මහාතගේ සංවිධානය පවා ත‍්‍රස්ත‍්‍රවාදීන් යැයි හැදින්වුවා.

විමල් වීරවංශ අනුර කුමාර දිසානායක කියන්නේත් ජනතා විමුක්ති පෙරමුණේ සිටින හා සිටිය අයයි. ජනතා විමුක්ති පෙරමුණ 1989 කාලයේදි රජයට එරෙහිව ආයුධ අතට ගත්තා. සටන් කළා. ඔවුන් ලංකාවේ හමුදාව මැරුවා. පොලිස් නිළධාරීන් වගේම සාමන්‍ය ජනතාවත් ඝාතනය කළා . නමුත් ඔවුන් අද විවෘතව නිදහස්ව තමන්ගේ නායකයෝ විරයෝ සමරනවා. විශාල උත්සව ඒ වෙනුවෙන් පවත්වනවා. නමුත් උතුරේ ජනතාවට තමන්ගේ ඥතීන් සිහිපත් කරන්න බැහැ. මම අහන්නේ උතුරේ ජනතාවටයි දකුණේ ජනතාවටයි කියල වෙනම නීතියක් මේ රටේ තිබෙනවාද?

ආණ්ඩුව පත් වීමේදි පැවසුවේ එක රටක් එක නීතියක් කියල. නමුත් මම ප‍්‍රශ්න කරන්නේ කොහේද තිබෙන්නේ ඒ කියන එක නීතීය? එහෙම නම් මේ රටේ සිංහලයාට එක නිතියක් දෙමළාට එක නිතීයක් මුස්ලීම් මනුස්සයාට එක නීතියක් කි‍්‍රයාත්මක වෙනවාද?

මේ වනවිට දෙමළ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරමින් සිටිනවා. එය ඉතාම හොද දෙයක්. ඉදිරියේදි අපටත් එයට එක් වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් යාපනයේ දේශපාලන හා කොළඹ දේශාපාලනය කියන්නේ දෙකක් . එය අවබොධ කරගනමින් අප දේශපාලනයේ නියැළිය යුතුව තිබෙනවා.

පසුගියදා ශී‍්‍ර ලංකා අගා‍්‍රමාත්‍යවරයා හා ඉන්දීය අග‍්‍රාමත්‍යවරයා අතර සාකච්ඡුා පැවැත්වුණා. එහිිදි ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් කි‍්‍රයාත්මක කළ යුතුව අවධාරණය කර තිබුණාත. නමුත් ශී‍්‍ර ලංකා රජයේ කවරෙකු හෝ එය මතක නැතැයි පවසනවා නම් එය ඉන්දීය රජයට කරන ආගෞරව කිරීමක් . එය ඉන්දිය රජය බලා ගනු ඇති.

– මාධ්‍ය ඒකකය 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්
20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio6VM6a_-enHdJ4ohyJ-jxXw_4Zo_n9lrwhKe777fJcdqPlu-vaOUCPm1HePrBA2JE8Ky2i-TvzoM6gjWJYHl9EHI8EnntbIY4WqqDlhoLlqzrOTkvY1GQRr1OVWvE2d-w-GrKiFxkibM/s320/mano-ganeson.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio6VM6a_-enHdJ4ohyJ-jxXw_4Zo_n9lrwhKe777fJcdqPlu-vaOUCPm1HePrBA2JE8Ky2i-TvzoM6gjWJYHl9EHI8EnntbIY4WqqDlhoLlqzrOTkvY1GQRr1OVWvE2d-w-GrKiFxkibM/s72-c/mano-ganeson.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy