දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"තමන් හෙට කොළඹට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව සජිත් නායකයා කිරීමට" - හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර
Homeප්‍රවෘත්ති

"තමන් හෙට කොළඹට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව සජිත් නායකයා කිරීමට" - හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට එන්නේ   රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොවන බවත් ඔවුන් කොළඹට පැමිණෙන්...

රූපවාහිනී ගුවන් විදුලි නාළිකා දේශපාලනඥයින්ට තහනම් කරයි
අගමැති හෙට අස්වෙන බව අරලියගහ මන්දිරය කියයි… විපක්ෂයේ බලය ඇල්ලීමේ සූදානමක් ගැන ආරංචි එයි!
අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්!

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට එන්නේ   රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොවන බවත් ඔවුන් කොළඹට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය බේරාගෙන පක්ශයේ  නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමේ සටනට බව ‍මධ්‍යම  පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් 29  දඹුල්ලේ දී කැඳවමින් පැවසීය.

පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ව සිටිය දී ජනපති කරවීමට පූර්ණ සහයෝගය තම ආසනේ ලබාදුන් බවත් එහෙත් බලයට පත්ව වසර තුන හමාරක් ගත වෙද්දීත් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොසලකා හැරි බව ද හෙතෙම සඳහන් කළේය.

 කිසිදු රැකියාවක් ලබාදීමට පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමන්ද පාක්ෂිකයන්ද  දැඩි කලකිරීමෙන් සිටි බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්  මහතා   හෙට දිනයේ කොළඹට පැමිණෙන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනුම්දෙන බවත් එම අයට දැන් පහල සිටින පාක්ෂකයන් මතක් වී ඇති බව සඳහන් කළේය .අකිල විරාජ් කාරියවසම් ලේකම්වරයාගේ ඉල්ලීමකට මෙම ගමන යනවා නොව කොළඹට තමන් යන්නේ වෙන කිසිවක් නිසා නොව පක්ෂය බේරාගැනීමේ අරමුණ සහ පක්ෂයට නව නායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් යන බව සඳහන් කළේය. වෙනත් නායකයකු නොව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වය ලබාදීම කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතා  සිටින කාලයේ පවා කිසිදු ප්‍රාදේශීය සභා පළාත් සභා මන්ත්‍රීවරයකුගේ දුරකතනයට සවන් නොදුන් බවත් තමන් එක් අවස්ථාවක ඇමතුම් හැත්තෑවක් මහලේකම්වරයාට ලබා ගත්තද මේ වන තුරුත් එම ඇමතුමට ප්‍රතිචාරයක් දැක්වූයේ නැති බව ද හෙතෙම කීවේය.

තිස්ස අත්තනායක මහතා පක්ෂයේ ලේකම් ව සිටියදී ඕනෑම අවස්ථාවක  ජංගම දුරකථනයෙන් මන්ත්‍රීවරුන් අමතන බව ද හෙතෙම කීවේය. සජිත් පේමදාස මහතා දිවයිනේ ඕනෑම මන්ත්‍රීවරයකුගේ නම කියා කතා කරන බවත් ඕනෑම ප්‍රශ්නයකට ඉදිරිපත් වන බව ද හෙතෙම කීවේය.

තම අරමුණ ඉටු නොවන්නේ නම් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයට වත් සිරිකොතට වත් අරලියගහ මන්දිරයට නොයන බව හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විය යුත්තේ ටයිකෝට් දාන අය නොව සරම අදින ලේකම්වරයෙකු බවද කීවේය.

හෙටින් පසුව අරලියගහ මන්දිරයට හෝ සිරිකොතට හෝ නොයන බවත් සජිත් නොමැති නම් දේශපාලනයෙන් සමුගන්නා බව ද හෙතෙම පැවසිය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "තමන් හෙට කොළඹට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව සජිත් නායකයා කිරීමට" - හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර
"තමන් හෙට කොළඹට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව සජිත් නායකයා කිරීමට" - හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර
http://am.lk/media/k2/items/cache/138f8308fecaa45caa96c2b6a5242f44_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_290.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_290.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy