දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ !
Homeප්‍රවෘත්ති

දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ !

PropellerAds

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනී...

සෑම කිලෝමීටර් 25කටම නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිළියක් හදන්න ආණ්ඩුවෙන් සූදානමක්! ( VIDEO)
සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි!
පොහොසත් මුස්ලිම් රටවල් මගහැර බංකොලොත් ලංකාවට රොහින්ග්‍යා සරණාගතයන් ගෙන ඒම කුමන්ත්‍රණයක්…! – ආචාර්ය සරත් වීරසේකර…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත එම මෝටර් රථය මුදාහැර ඇතැයි ඉකුත් 12 වැනිදා වාර්තා කළා.

ඉකුත් අගෝස්තු මස 30 වැනිදා දෙමටගොඩ පොලීසිය මගින් මෙලෙස සිය භාරයට ගෙන තිබුණේ, ලියාපදිංචි නොකළ වාහනයක් දෙමටගොඩ ප‍්‍රදේශයේ සැරිසරන බවට කොළඹ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව කොළඹ හදිසි ඇමතුම් ඒකකය විසින් දෙමටගොඩ පොලීසියට මේ පිළිබද දැනුම්දීමෙන් අනතුරුව දෙමටගොඩ පොලීසිය විසින් සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ එම මෝටර් රථය සිය භාරයට ගැණුනා.

අනතුරුව අංක තහඩු සවිකර නැවත එම වාහනය රැගෙනවිත් පොලීසියට ඉදිරිපත් කරන ලෙසටයි පොලීසිය දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට දැනුම්දී තිබුණේ. ඔහු මෙලෙස අංක තහඩු නොමැතිව ධාවනය කර තිබුණේද අමෙරිකාවේ යුද හමුදා විශේෂ බලකායේ ඉහළ නිලධාරීන් භාවිත කරන ආකාරයේ රැන්ග්ලර් වර්ගයේ ජීප් රථයක්.

මෝටර් රථ වාහන පනතේ ප‍්‍රතිපාදන අනුව අංක තහඩු නොමැති වාහනයක් ධාවනය කිරීමට නීතියෙන් කිසිඳු අවසරයක් හිමි වන්නේ නැහැ.

කෙසේවෙතත් වාහනයක් ආනයනය කිරීමෙන් පසු එය වරායේ සිට ලියාපදිංචි කිරීම සදහා රැගෙනයාමේදී පමණක් අංක තහඩු නොමැතිව ධාවනය කිරීමට අවසර හිමි වනවා. එමෙන්ම තත්ත්ව පරීක්‍ෂණ ධාවනයක් සදහා කිසියම් වාහනයක් අංක තහඩු නොමැතිව වුවද ධාවනය කිරීමට නම් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්ගේ අවසර ලබාගැනීම අනිවාර්යයි.

කෙසේවෙතත් දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට අයත් අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය විසින් මුදාහැර තිබුණේ දින 14 ක් සඳහා වලංගු වන තාවකාලික බලපත‍්‍රයක් යටතේයි. වාහනයට අදාළ අංක තහඩු සවිකර එය පොලීසියට ඉදිරිපත් කර වංලගු බලපත‍්‍රය ලබාගන්නා ලෙස ද පොලීසිය විසින් ඔහුට අවවාද කර තිබුණා.

කෙසේවෙතත් ඔහු මේ වනතෙක් අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් අද (17) දිනයේදී අලූත්කඬේ අංක 07 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් වාර්තාවක් ලබාදෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර පොලීසිය විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්යෙන් මීට පෙර පින්නදූව පොලිසිය මගින් ද අවවාද කර තිබූ බවයි. පසුව ඔහුගේ වලංගු රියදුරු බලපත‍්‍රය පින්නදූව පොලිස් භාරයට ගෙන ඒ වෙනුවට තාවකාලික බලපත‍්‍රයක් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් දෙමටගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත්තේ පින්නදූව පොලිසිය විසින් ලබාදුන් එම තාවකාලික බලපත‍්‍රය බවටයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. ඒ අනුව දෙමටගොඩ පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පින්නදූව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ !
දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVdWj339stsP7o5AngqnQGcKGoO_WfDkI1htaxCp2lHYVj8Tgij2xhjr1gW2gS0ucUpIy0M5k3czEx0I_N1YnL85_VNCPGLuSHo66Yfe7DahXdNtBXr8z08amERwT_kjvZ_iBSXhqBeos/s320/chaminda-son.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVdWj339stsP7o5AngqnQGcKGoO_WfDkI1htaxCp2lHYVj8Tgij2xhjr1gW2gS0ucUpIy0M5k3czEx0I_N1YnL85_VNCPGLuSHo66Yfe7DahXdNtBXr8z08amERwT_kjvZ_iBSXhqBeos/s72-c/chaminda-son.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_934.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_934.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy