මෑතකදී සිදු වූ ආකාරයෙන් පූර්ණ විදුලිය බිඳ වැටීම ඉදිරියේ දී සිදු වූ ද සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා විසින් අනතුරු...
මෑතකදී සිදු වූ ආකාරයෙන් පූර්ණ විදුලිය බිඳ වැටීම ඉදිරියේ දී සිදු වූ ද සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා විසින් අනතුරු අඟවා තිබේ. ජාතික විදුලිබල පද්ධතියේ පවත්නා අක්‍රමවත් සැලැස්ම හේතුවෙන් ඉදිරියේදී එම පූර්ණ බිද වැටීම් වලක්වා ගත නොහැකි වනු ඇතැයිද ඔහු අනතුරු අගවා තිබේ.
විදුබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුජීව කේ අභයවික්‍රම මහතා ලිඛිතව මේ බව මණ්ඩලයට දැනුම්දී ඇත.
විදුලිබල පද්ධතිය නිසි ලෙස සැලසුම් වී තිබුණේ නම් අත්වැරැුද්දකින් වුවද පද්ධතිය මුළුමනින්ම බිඳ නොවැයෙනු ඇතැයිද ඔහු පෙන්වා දී තිබේ.
මේ කරුණු නිවැරදි කර නොගන්නේ නම් ඉදිරියේදී මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වන බව ඔහු අනතුරු අඟවා ඇත.
COMMENTS