දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේශ්වරන්ගේ ප‍්‍රකාශය නිසා පාර්ලිමේන්තුවේ මහා ප‍්‍රශ්ණයක් ඇතිවෙන්න ගියේ.. හරි අමාරුවෙන් අපේ මන්ත‍්‍රීන් බේරගත්තේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

විග්නේශ්වරන්ගේ ප‍්‍රකාශය නිසා පාර්ලිමේන්තුවේ මහා ප‍්‍රශ්ණයක් ඇතිවෙන්න ගියේ.. හරි අමාරුවෙන් අපේ මන්ත‍්‍රීන් බේරගත්තේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

PropellerAds

ර ඹේ වෙහෙරගල පුරාණ රජ මහා විහාරස්ථානයේ මැල්සිරිපුර විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් එම විහාරස්ථානයේ අසූමහා ශ්‍රාවක පිලිම වහන්සේලා නි...

කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් - GMOA කියයි
කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක
කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි
ඹේ වෙහෙරගල පුරාණ රජ මහා විහාරස්ථානයේ මැල්සිරිපුර විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් එම විහාරස්ථානයේ අසූමහා ශ්‍රාවක පිලිම වහන්සේලා නිරාවරණය කිරීම සහ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවයට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහභාගීවිය.

මම ගොඩක් සතුටු වෙනවා අද අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වෙන්න ලැබීම ගැන විශේෂයෙන්ම මේ රඹේ වෙහෙරගල පන්සලේ මේ වගේ තැනකට එන්න ලැබීමත් මම භාග්‍යයක් හැටියට දකිනවා. මම විශ්වාස කරනවා ආපහු නැවත වාරයක් බුද්ධාගමේ පුනර්ජීවනය 2020දී ඇවිත් තියෙනවා කියලා. 2010දීත්, 2009 යුද්ධය අවසන් වුණාට පස්සෙත් අපි දැක්කා පන්සල් විශාල ප්‍රමාණයක් දියුණු වෙනවා, අලුත් වෙනවා. බෞද්ධාගමට මුල්තැනක් ලැබෙනවා අපි දැක්කා. පහුගිය අවුරුදු පහේ දී ඒ හැම දෙයක්ම විනාශ වුනා.

පහුගිය අවුරුදු පහේ දී අපි දැක්කේ පන්සල් දියුණු උනාට වැඩිය මහා සංඝරත්නය හිරේ දාන යුගයක් 60 නමක් හිරේ දැන්මා. ධම්මාලෝක හාමුදුරුවෝ පෙරහැරේ ගෙනියන්න, හදන්න ගෙනාපු අලි පැටියෙක් තියාගත්තා කියලා හිරේ දාපු යුගයක් අපි දැක්කා. හාමුදුරුවනේ ඒක අපිට කවදාවත් අමතක කරන්න බෑ. පරීක්ෂණවලට මහා සංඝරත්නයට අගෞරව කරමින් බෞද්ධ ආගමට හැංගිලා නෙමෙයි එළිපිට බෞද්ධාගමට අගෞරව කරපු එක යුගයක් තමයි යහපාලන කාලසීමාව.

බෞද්ධ රටක් නෙමෙයි කියලා ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වූ මුදල් ඇමැතිවරයා තුන් වතාවක් ප්‍රකාශ කළා. ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා කියන්න කොන්ද පණ තියෙන නායකයෙක් ඒ ආණ්ඩුවේ හිටියේ නෑ. මේ රට පාලනය කරපු අයගේ එහෙම බොහොම කණගාටුදායක යුගයක් තමයි අවසාන වුනේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති උනාට පස්සේ. එතුමා බෞද්ධ ආගම විතරක් නෙවෙයි අනිත් ආගම් වලටත් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් යුගය එතුමා නිර්මාණය කලා. බෞද්ධ ආගමට මුල්තැන දෙමින් අනිකුත් ආගම් වලටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් යුගයක් එතුමා නිර්මාණය කලා.

විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ පළවෙනි පාර්ලිමේන්තු කථාවෙදීම ජාතිවාද නැවත වරක් ඇවිස්සුවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධ වෙන එක නවත්ව ගන්න. මම එහෙම නොකළා නම් එදා පාර්ලිමේන්තුවේ මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි මේ ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙමු. අපි ප්‍රබල ආණ්ඩුවක්. අපිට පාර්ලිමේන්වේ 2/3ක බහුතර බලයක් තියෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාව හදද්දි හිතුවේ නැහැ සමානුපාත ක්‍රමය අනුව 2/3 බලයක් කිසිම පක්ෂයකට අරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ රටේ ප්‍රගතිශීලී ජනතාව පෝස්ටර්, කටවුට්, බැනර්, රැස්වීම් වලින් තොරව බහුතර බලයක් සහිත ආණ්ඩුවක් හැදුවා. කොවිඩ් වසංගතය නිසා රට අකර්මන්‍ය වූ මොහොතක ඉතිහාසයේ තිබූ සාර්ථකම මැතිවරණය පැවැත්වීමට අපට හැකි වුණා.

අපිට මේ රට හදන්න පුළුවන්. සෘජු තීන්දු තීරණ ගන්නා සරල නායකයෙක් අපිට සිටිනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙල දිහා බලද්දි ජනාධිපතිවරණයේදී අප ලබා දුන් ඡන්දය පිළිබදව අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ දිනවල සිංහරාජය විනාශ කරමින් අළුතින් මාර්ගයක් තනනවා කියලා අපිට චෝදනා කරනවා. ජනාධිපතිතුමා සමග මම එම මාර්ගය නිරීක්ෂණයට ගියා. සිංහරාජ වනාන්තරයට කිසිදු විනාශයක් සිදු කර නැහැ. ඉවත් කර ඇති ගස් පවා ඉවත් කර ඇත්තේ පුද්ගලික ඉඩම් වලින් මිසක් සිංහරාජ වනාන්තරයෙන් නොවෙයි. අබලන්ව තිබූ මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා මිසක් අළුතින් මාර්ගයක් සිංහරාජ වනාන්තරය හරහා කපන්නේ නැහැ.

මධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේශ්වරන්ගේ ප‍්‍රකාශය නිසා පාර්ලිමේන්තුවේ මහා ප‍්‍රශ්ණයක් ඇතිවෙන්න ගියේ.. හරි අමාරුවෙන් අපේ මන්ත‍්‍රීන් බේරගත්තේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
විග්නේශ්වරන්ගේ ප‍්‍රකාශය නිසා පාර්ලිමේන්තුවේ මහා ප‍්‍රශ්ණයක් ඇතිවෙන්න ගියේ.. හරි අමාරුවෙන් අපේ මන්ත‍්‍රීන් බේරගත්තේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8v7Nx4oHJjPy7vRANw8Ge90W_s0K2YHu5cmlBfr2rnKdWk9To19vEKNO2x5TGJho6DhINWBn82A-LG0ES0vpBbuGG4p6suw7BTNHNBdAOTuHDaM4hdqb_oTT609pafT1LLXBLFyZ_Z5k/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8v7Nx4oHJjPy7vRANw8Ge90W_s0K2YHu5cmlBfr2rnKdWk9To19vEKNO2x5TGJho6DhINWBn82A-LG0ES0vpBbuGG4p6suw7BTNHNBdAOTuHDaM4hdqb_oTT609pafT1LLXBLFyZ_Z5k/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy