අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් සකස් කරන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නමුත් එය ඒ ආකාරයෙන්...
අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් සකස් කරන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නමුත් එය ඒ ආකාරයෙන්ම සම්මත කෙරෙන්නේ යැයි කිසිදු තීරණයක් ආණ්ඩු පක්ෂය තුළ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ අධිකරණ ඇමතිවරයා විසින් එතුමා සකස් කරපු කෙටුම්පත. හැබැයි සම්මත වෙන්නෙ ඒ කෙටුම්පතමයි කියලා කිසිම ආකාරයක තීරණයක් නෑ.
ද්විත්ව පුරවැසිභාවය මුවාවෙන් රටට අහිතකර පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇතුළුවීම පිළිබඳ යම් යම් සැක සංකා අප තුළත් තියෙනවා. ඇමතිකම් බලාපොරොත්තුවෙලා ඉන්න හින්දා ඒ අයට ඇමතිකම් ලබාදීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න රජය උත්හාස ගන්න එක වැරදියි.
ආණ්ඩුව නිසි මගට ගෙන යන්න කටයුතු කරන එක අපේ වගකීමක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS