දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිටරට කිරිවලට තිත.. දේශීය දියර කිරිඅවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් !
Homeප්‍රවෘත්ති

පිටරට කිරිවලට තිත.. දේශීය දියර කිරිඅවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් !

PropellerAds

දේ ශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජ...

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..
“NACCD උපදෙස් ක්‍රියාත්මක කළේ නම් බොහෝ කොරෝනා මරණ වළක්වා ගත හැකිව තිබුණා” – NMRA විශේෂඥ කමිටුව
පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලී කොටවලට තබා ඇණ ගසලා. සැකකරුවන් අතුරුදන්
දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.

රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්මත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණ.

සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ගොවියාට බරක් නොකළ යුතු බව අවධාරණය කළේය.

පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශණයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේය.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. බිත්තර, කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2020 වසරේ දී අමරිකානු ඩොලර් මිලියන 16ක විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කරන බව පෞද්ගලික අංශයේ ආයෝජකයෝ කීහ.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛිය ආයතනවල ප්‍රධානිහූ සහ පෞද්ගලික ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිටරට කිරිවලට තිත.. දේශීය දියර කිරිඅවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් !
පිටරට කිරිවලට තිත.. දේශීය දියර කිරිඅවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWk04wbBnNCFXeabYDqykkYKi0Nnf9kho9zQte-9zN2lUYvua4Fh-rIzrIXI_8QDs9J8XFjw8jjC-0gTmNVuMNJgHDB-VvYqQf70uBLOKmmX1BWOUvR69z2ze4w9R9BH2vrznQxpRFWLY/s320/milk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWk04wbBnNCFXeabYDqykkYKi0Nnf9kho9zQte-9zN2lUYvua4Fh-rIzrIXI_8QDs9J8XFjw8jjC-0gTmNVuMNJgHDB-VvYqQf70uBLOKmmX1BWOUvR69z2ze4w9R9BH2vrznQxpRFWLY/s72-c/milk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_374.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_374.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy