දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“NACCD උපදෙස් ක්‍රියාත්මක කළේ නම් බොහෝ කොරෝනා මරණ වළක්වා ගත හැකිව තිබුණා” – NMRA විශේෂඥ කමිටුව
Homeප්‍රවෘත්ති

“NACCD උපදෙස් ක්‍රියාත්මක කළේ නම් බොහෝ කොරෝනා මරණ වළක්වා ගත හැකිව තිබුණා” – NMRA විශේෂඥ කමිටුව

PropellerAds

බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදුවූ බොහෝ මරණ ...

මම නායකත්වය බලාපොරොත්තු උනේ නෑ ඒත් මටත් පක්ෂ නායකත්වයට ඉල්ලුමක් තියනවා - රුවන් විජයවර්ධන
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි..
ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න - සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි
බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ පවසති.

මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහනේ ඇති වූ බව කියන විෂමාචාර පිළිබඳව ප්‍රධාන කරුණු 06ක් ඔස්සේ පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර, විශේෂඥ වෛද්‍ය චන්න රණසිංහ, මහාචාර්ය ඒ. පද්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ය.

එම ලිපියෙහි දැක්වෙන්නේ, මෙරට සහ විදේශීය රටවල්වල එන්නත්කරණ වැඩසටහන් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඉකුත් මාස 06 තුළ එන්නත් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි සුපරික්ෂාකාරීව සමාලෝචනයට සහ අගැයීමට ලක් කර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත විශේෂඥ උපදෙස් එම විශේෂඥ කණ්ඩායම ලබා දුන් බවය.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙරට එන්නත්කරණ වැඩසටහන තුළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේදී කරන ලද වගකීම් පැහැර හැරීම් පිළිබඳව බොහෝ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරනු ලැබූ බවද ඔවුහු සිය ලිපිය හරහා සඳහන් කර සිටිති.

ඒවා අතර,

එන්නත් මාත්‍රා අපතේ යැවීම්.
මෙය ලෝකයේ එන්නත් හිඟතාව හේතුවෙන් අපරාධයකි. ඒ හේතුවෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට එන්නත් ලබා ගැනීමේ අවස්ථා මගහැරීම සහ ජනතා මුදල් අපතේ යැවීමක් ද සිදුව තිබේ.

නිකරුණේ මිනිසුන් මිය යාම.
බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදු වූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබිණි.

මූලික රෝග තත්වයන් හා බැඳුණු තවත් රෝග තත්වයන් සහිත පුද්ගලයන් එන්නත් ගැනීමෙන් වැළැක්වීමට සෞඛ්‍ය ආරක්‍ෂණ කාර්ය මණ්ඩල වැරදි උපදෙස් ලබා දී ඇත.
එන්නත්කරණ වැඩසටහන ගැන ජනතා විශ්වාසය නැති වීම.
ඉතා විශිෂ්ට ලෙස එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව පවත්වාගෙන යන සහ විශිෂ්ට මහජන සෞඛ්‍ය ජාලයක් ඇති රටක කොවිඩ්-19 ද සාර්ථක එන්නත්කරණ වැඩසටහන් පවත්වා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයකි.

අලුතෙන් බඳවා ගනු ලැබූ හෙදියන් බොහෝ ඉල්ලීම් කළද එන්නත් ලබා නොදී ඊට වඩා ප්‍රමුඛතාවයෙන් අඩු කණ්ඩායම්වලට එන්නත් දීමෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ සේවකයන් අවදානමට ලක් කර අතර අසතුටට පත් කිරීම.
මහ ජනතාව ‍දොම්නසට පත් කිරීම සහ අවසන් වශයෙන් ආණ්ඩුවට අපකීර්තියක් ඇතිවීම.
ඒ අනුව, මේ එක් එක් කරුණු සිදුවූ ආකාරය එම ලිපිය මගින් උදාහරණ සහිතව ඔවුන් තවදුරටත් පැහැදිලි කර ඇත.

එම උදාහරණ අතර, අතිරේක මාත්‍රාවක් Covishield AstraZenica මාත්‍රා 10ක කුප්පියකින් ලබා ගත හැකි බව ප්‍රසිද්ධියේ දැන සිටින පසුබිමක එම එන්නත අඩංගු එක් කුප්පියකින් මාත්‍රා 10ක් පමණක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවකයින්ට උපදෙස් දීම සහ එවැනි අතිරේක මාත්‍රා ලබා දීම එංගලන්තය ආදී රටවල්වල නියාමකයින් විසින් නිර්දේශ කරනු ලැබ ඇති බව සඳහන් වේ.

ඒ පිළිබඳව පෙන්වා දී තිබියදීත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ඇතුළු එම ඒකකයේ තීරණය ගන්නා අනෙකුත් බලධාරීන් එය සලකා බැලීම පවා ප්‍රතික්ෂේප කළ බව ඔවුන් සිය ලිපියේ සඳහන් කර ඇත.

එමෙන් ම, වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කුප්පියකින් එන්නත් ලබා ගන්නා ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවකයින්ට ලබා දුන් උපදෙස් වැරදිසහගත බවත් ඒ අනුව අතිරේක මාත්‍රාව භාවිතයට ගැනීමට නොහැකි වන බවත් ඔවුහු පවසති.

බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව ලබා දුන් නිර්දේශ නොසලකා හැරීම, සිනොෆාම් එන්නත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා නොදෙන ලෙස සෞඛ්‍ය සේවකයින්ට උපදෙස් දීම සහ ස්පුට්නික් එන්නත මූලික රෝග තත්වයන් හා බැඳුණු තවත් රෝග තත්වයන් සහිත පුද්ගලයන් ලබා නොදෙන ලෙස උපදෙස් දීම, අසංවිධිත සහ දුර්වල ලෙස සැලසුම් කරන ලද කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන ආදිය පිළිබඳව සවිස්තරාත්මකව ඔවුන් සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන්, එම හේතු කාරණා සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව එම විශේෂඥයින් සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “NACCD උපදෙස් ක්‍රියාත්මක කළේ නම් බොහෝ කොරෝනා මරණ වළක්වා ගත හැකිව තිබුණා” – NMRA විශේෂඥ කමිටුව
“NACCD උපදෙස් ක්‍රියාත්මක කළේ නම් බොහෝ කොරෝනා මරණ වළක්වා ගත හැකිව තිබුණා” – NMRA විශේෂඥ කමිටුව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNpMBE7zq45YJK4UKWruZaU-uobxVf7A3_JrlTedmFylIv3yLCzhMu-UsGEZVIDF4L_m9Z7KOW4bPFV6-cbAYubuBMRrq5iYV9aFirtadyzc4vcr33GHO3XVkeyvh14UPjM2aTA979GS8/s320/nccd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNpMBE7zq45YJK4UKWruZaU-uobxVf7A3_JrlTedmFylIv3yLCzhMu-UsGEZVIDF4L_m9Z7KOW4bPFV6-cbAYubuBMRrq5iYV9aFirtadyzc4vcr33GHO3XVkeyvh14UPjM2aTA979GS8/s72-c/nccd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/naccd-nmra.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/naccd-nmra.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy