දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇප ලැබුණු මහින්දානන්ද අලූත්ගමගේ රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

ඇප ලැබුණු මහින්දානන්ද අලූත්ගමගේ රිමාන්ඩ්

PropellerAds

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ...

ගෝල්ඞ් සෙන්ටර්හි සිට ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්වලින් කෝටි 37ක් ඇද්ද ඉන්දීය විශේෂඥ වෛද්‍යවරයෙක්‌
වෙඩි තබා ගන්නා බව කියු සැරයන් රිමාන්ඩ් (VIDEO)
අපිරිසිඳු වාහන වලට දඩ
ඇප ලැබුණු මහින්දානන්ද අලූත්ගමගේ රිමාන්ඩ්

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් මන්ත්‍රීවරයාව හෙට දිනය දක්වා රිමාන්ඩ් කිරීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රිඩා අමාත්‍යංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රිඩා ආම්පන්න මිල දී ගැනීමේදී රජයේ මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද පෙරවරුවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ චෝදනාවට භාජනය වී තිබෙන මුදල් පොදු දේපළ ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබා දීමට අධිකරණයට බලයක් පවතින බවයි.

එම තර්කයට අනුව සැකකාර මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයාට මැයි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇප ලැබුණු මහින්දානන්ද අලූත්ගමගේ රිමාන්ඩ්
ඇප ලැබුණු මහින්දානන්ද අලූත්ගමගේ රිමාන්ඩ්
http://am.lk/media/k2/items/cache/ed7b148d721523e0d544a616e37ee7fe_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_968.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_968.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy