බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර ස...
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය මෙතෙක් අවසන් වී නැතැයි ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයේ වාර්තාව තවමත් ලබා දී නැතැයි ද, එසේ තිබිය දී මහ ඇමතිවරයාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබා දීම සදාචාර සම්පන්න නැතැයි ද එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මැතිවරණ සමයේ මහ ඇමැතිවරයාගෙන් අධ්‍යාපන ඇමැතිකම ගලවා රංගනයක් කර ඇතැයි මින් පෙනෙන බව කී ස්ටාලින් මහතා විදුහල්පතිනියට සාධාරණයක් කරනවා වෙනුවට දසනායක මහතාට අධ්‍යාපන ඇමැතිකම ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා ඇයට බැණ දණගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වේ.
COMMENTS