මන්නාරමේ පේසාලේ කල්ලියපාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළේ යකඩ පෙට්ටියක දමා වළලා තිබී පොලීසිය විසින් මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා තවත්...
මන්නාරමේ පේසාලේ කල්ලියපාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළේ යකඩ පෙට්ටියක දමා වළලා තිබී පොලීසිය විසින් මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා තවත් යුද උපකරණ රැසක් 15 දා සොයා ගෙන තිබේ.
වෙරළ තීරයේ ධිවර වාඩියක වැසිකිලියක් සකස් කිරීමට වළක් හැරීමේදී අදාළ යකඩ පෙට්ටිය හමුවි ඇති අතර පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබදව පොලීසිය දැණුවත් කොට තිබේ.
පොලිසිය අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේදී යකඩ පෙට්ටිය තුළ තිබි මිලිමීටර 81 ක වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කොට ඇති අතර එල්.ටි.ටී සංවිධානය පළායන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය සඟවා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සොයාගත් බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් නිශ්ක්‍රීය කළ කල අතර සිද්ධිය සම්බන්ධයෙන් පේසාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS