දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදෙස් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවා අධි මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් !
Homeප්‍රවෘත්ති

විදෙස් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවා අධි මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් !

PropellerAds

හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවමින් හදිසි විදුලිය මිලදී ගැනීමකට ලංකා විදුලිබල මණ්ඩලය සූදාන...

හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්
කිසිදිනක මුදල් ඇමති කෙනෙකු නොකළ වැඩක් රවී කරයි (VIDEO)
යළි බැඳුම්කර සටන අරඹන්න ජවිපෙ සූදානම් (VIDEO)
හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවමින් හදිසි විදුලිය මිලදී ගැනීමකට ලංකා විදුලිබල මණ්ඩලය සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 

ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. 


රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් – ලංවිම  හාන්සිකරන  හදිසි විදුලිය මිලදී ගැනීම් වහාම නවතන්න.

කෙටිකාලීන පදනම මත විදේශීය සමාගම් දෙකකින් විදුලිය මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය සුදානම් වන බව  අප සංවිධානයට  වාර්තා වී ඇත. හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මේ සමාගම් වෙත දැනටමත් ටෙන්ඩරය පිරිනැමීමටද අවශ්‍ය පියවර ගෙන ඇත. එක් විදුලි ඒකකයක් සදහා රුපියල් 31කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බව අදාල කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබුණද ඒ මිල ගණනය කර ඇත්තේ ඩොලරයේ අගය රුපියල් 181ක පදනමෙ සිටය. මේ වන විට ඩොලරය රුපියල් 185ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ අනුව විදුලි ඒකකයක් සදහා ගෙවන සැබෑ මිල මේ වන විටද රුපියල් 31කට වඩා වැඩි වන අතර ඉදිරියේ දී ඩොලරයේ අගය ඉහල ගියහොත් මෙම පුද්ගලික බලාගාර වලට ගෙවිය යුතු මුදල තවදුරටත් ඉහල යනු ඇත. ඒ අනුව මෙම හදිසි විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවන වියදම් රුපියල් කෝටි 2100 කට අධික වනු ඇත. මෙයින් කෝටි 400 ක් පමණ ගෙවනුයේ එම බලාගාර වල ආයෝජන මුදල් වශයෙනි.

ලංකා විදුලිබල මණ්ඩලයට තමන්ගේම බලාගාර ඉදිකර ගැනීමට ඇති මුදල් පුද්ගලික සමාගම් වලට බලාගාර ඉදිකර ගැනීමට ලබාදීමේ ජාවාරමක් ලෙස මෙය හැදින්විය හැකිය. පසුගිය අවුරුදු 5 පුරාම එකම විදුලි බලාගාරයක් ඉදිකිරීමට ලංවිම අසමත් විය. එය ලංකා විදුලිබල මණ්ඩලය විසින් හිතාමතා කල එකකි. තමන්ටම අයත් අඩු වියදම් බලාගාර ඉදිකලහොත් විදුලි හිගයක් මවාපෑම අසීරු වන හෙයින් ලංවිමට අයත් අඩු වියදම් බලාගාර ඉදිකිරීම දිගින් දිගටම ප්‍රමාද කරනු ලබයි.

2015 සිට 2020 වන විට ඉදිකර ජනන කටයුතු ආරම්භ කල යුතුව තිබු බලාගාර ධාරිතාවය මෙගා වොට් 1500කට අධිකය. එම බලාගාර නිසි කලට ඉදිකලා නම් මේ වන විදුලි අතිරික්තයක් අපට ලබාගැනීමට ඉඩ තිබුණි. එම අතිරික්තය ඉංදියාවට අපනයනය කිරීමට පවා හැකියාව තිබිණි. මෙරට විදුලි මාෆියාව විසින් අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙයි. විදුලි ඉංජිනේරුවන්, විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන්, දේශපාලනඥයින් හා ඇතැම් තානාපතිවරු පවා හවුල් වන මේ විදුලි මාෆියාව නව රජයේ යටතේද සක්‍රිය වී ඇති බව මෙම හදිසි විදුලිය මිලදී ගැනීමෙන් ඔප්පු වේ.

හදිසි විදුලිය මිලදී ගැනීමේ ඉතිහාසය පිරික්සීමේදී විදුලිය බිද වැටීම හා සම්බන්ධයක් පවතී. විදුලි හිගය නැමැති බිල්ලා මවාපෑමට මුලින්ම දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමේ ලංවිම ඉංජිනේරු සහාය ඇති ව සිදු කරයි. යහපාලන රජයේ යටතේ තුර්කි නැව් 2කින් මෙගා වොට් 400ක් විදුලිය මිලදී ගැනීම සදහා යෝජනා ගෙන්වා ගත්තේ 2019 මාර්තු මාසයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමෙන් පසුවය.

දැන් මේ වර්ෂයේ හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට යන්නේ ද අගොස්තු 17 වැනිදින රට පුරා විදුලිය බිද වැට්ටවීමෙන් පසුවය. එය විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරද්දකීන් බව කීවද නිසි පරීක්ෂණයකින් තොරව එම නිගමනයට එළඹී ඇති බව පෙනේ. එදින අක්‍රිය වු නොරෝච්චෝලේ සංකීර්ණයෙහි මෙගා වොට් 300 ක එක් බලාගාරයක් මේ වන විටත් අක්‍රියව පවතී. එසේ අක්‍රිය කිරීම නිසා මෙගා වොට් 300ක හිගයක් ඇති වේ. එම හිගයට පිළියම හදිසි විදුලිය මිලදී ගැනීමයි. මෙම බිදවැටීම පිළිබද කරන පරීක්ෂණ ද පක්ෂපාති බව පැහැදිලිය. එම බිද වැටීමට ඝෘජුව වගකිව යුතු ඉංජිනේරු පිරිස ආරක්ෂා කිරීම සදහා ඇමතිවරයා පත්කල කමිටුවටද ලංවිම ඉහල කළමනාකරණයේ විදුලි ඉංජිනේරුවෙක් පත්කර තීබීමෙන් පැහැදිලි  වේ. එයද විදුලි මාෆියාවේ උපක්‍රමයකි. විදුලිබල අමාත්‍යවරයාද නොමග යවා ඇති බව පෙනේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ හා අක්‍රමිකතා පිලිබද නිසි අවබෝධයක් ලබා නොගතහොත් වත්මන් අමැතිවරයාටද විශ්‍රාම යාමට සිදුවන්නේ එකම විදුලි බලාගාරයක් වත් ඉදිනොකර හදිසි විදුලිය මිලදී ගෙන ලංවිම පාඩුව තවදුරටත් ඉහල දැමීමෙන් පසුවය.

මෙම හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා නොදිය යුතු බවට අපි ප්‍රකාශ කරමු. මේ වන විටත් නීති විරෝධී විදුලි ගිවිසුම් 3ක් ක්‍රියාත්මක වේ. ජනාධිපති තුමාගේ සෞභාග්‍යෙය් දැක්මෙහි සදහන් වන්නේ එම නීති විරෝධී විදුලි ගිවිසුම් අහෝසි කරන බවයි. එසේ නම් තව තවත් නීති විරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම නතර කල යුතු ය. ඒ වෙනුවට මේ වන අනුමත ජනන සැළසුම් වල ඇති අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට වහා පියවර ගත යුතුය. එම බලාගාර ඉදිකිරීම ප්‍රමාද කළ, ප්‍රමාද කරන හා ඉදිරියේදීත් එම බලාගාර ඉදිකිරීම පැහැර හැරීම සදහා කුමන්ත්‍රණය කරන ඉංජිනේරු පිරිස හදුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු ය.

රංජිත් විතානගේ 
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදෙස් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවා අධි මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් !
විදෙස් සමාගම් දෙකකට රුපියල් කෝටි 2100ක් ගෙවා අධි මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDhHSLNjcf5oyw96LxmhZzpi8ABHnQs5E3Q5T99XjJX_oau3bA8oOWs97eHGHCmm2Ewk2yc9SytoNwtcbFGYl7XUy0pVPN86VdXTzWcHM1rYiVLcRI07sw6L57fNIUf1bW6SuKwDqcnsI/s320/image_15b362f8c9.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDhHSLNjcf5oyw96LxmhZzpi8ABHnQs5E3Q5T99XjJX_oau3bA8oOWs97eHGHCmm2Ewk2yc9SytoNwtcbFGYl7XUy0pVPN86VdXTzWcHM1rYiVLcRI07sw6L57fNIUf1bW6SuKwDqcnsI/s72-c/image_15b362f8c9.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/2100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/2100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy