වසර දෙදහසකට වැඩි කාලයක් දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ ජීවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. තමන් එම ප්‍රකාශය පා...
තමන් එම ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සාක්ෂි සහිතව බවද ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වැඩි කාලයක් තිස්සේ ජීවත් වන බවත් ඔහු කියා සිටියේය.
ඊට විරුද්ධව දකුණේ මන්ත්‍රීවරුන් අදහස් පල කලේ මෙතෙක් ඔවුන් කළ වැරදි එළි වෙයි කියා බියෙන් බවද ඔහු පැවසීය.
ලෝකයේ මුලින්ම පැමිණි භාෂාව දෙමල භාෂාව බවත් ගරුත්වය ඇති භාෂාවද දෙමළ බවක් බව හැමෝම පිළිගන්නා බවද මන්ත්‍රීවරයා කීය.
ලොව බොහෝ රටවල් මේ බව පිළිගන්නා බවත් ඉන්දීය අගමැතිවරයා මෙය ප්‍රසිද්ධියේ පවසා ඇති බවත් ඔහු කියා සිටියේය.
යාපනයේ දී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS