එක්සත් ජාතික පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයට පෙර හා පසුව මුහුණදීමට සිදුවූ සුළු පක්ෂ අර්බුදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේවන වි...
ඒ අනුව එම පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධූර 7 සඳහා සකසන ලද ලයිස්තුව හකුලා ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.
පාඨලී චම්පික රණවක, රිෂාඩ් බදුයුදීන්, රාවුෆ් හකීම් හා මනෝ ගනේෂන් සිය පක්ෂ වෙනුවෙන් එක් මන්ත්‍රී ධූරය බැගින් ඉල්ලා සිටින බව පැවසේ.
කෙසේවුවද, අපේ ජාතික පෙරමුණ පක්ෂ නම වෙනස් කර සමගි ජන බලවේගය තැනීමේදී එම පක්ෂයට ලබාදීමට පොරොන්දු වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබාදීමෙන් පසුව, පාඨලී, රිෂාඩ්, රාවුෆ් හා මනෝට එක් මන්ත්‍රී ධූරය බැගින් ලබාදුනහොත්, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බකීර් මාකර්, රාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු හා මයන්ත දිසානායක අතරින් දෙදෙනෙකු තෝරා ගැනීමට සිදුවනු ඇතැයි පැවසේ.
මේ අතර, ලබන 14 වැනිදාට පෙර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලට අදාළ ලයිස්තු ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය දන්වා ඇති බවද වාර්තා වේ.
COMMENTS