අන්තවාදීන්ගේ සහාය නොමැතිව ආණ්ඩු හැදූ තමන් ඇතුළු පිරිස් ඉදිරියේ ද රජයට අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කො...
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරණයට පෙර මෙවැනිම හිරු බලය වැඩසටහනක් හා එක්වෙමින් අසාත් සාලි, රිෂාඩ් බදියුඩීන් වැනි පිරිස් සිටින ආණ්ඩුවකට සම්බන්ධ නොවන අතරම සිය සහය ලැබෙන ජනපති අපේක්ෂකයාට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර සිටි බවයි. එය එලෙසින්ම එදා ඉටු කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.
තමන් සහ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරා කටයුතු කළ අතර ආණ්ඩුව බිහි කිරීමට දැක්වූ දායකත්වයම ආණ්ඩුව හරිමග ගෙන යාමට ද දක්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
නීතිඥ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කල අතර විපක්ෂය නියෝජනය කරමින් පාලිත රංගේ බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් ද මෙම වැඩසටහන හා එක් විය.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
COMMENTS