අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අදාළ සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉ...
අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අදාළ සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇති බවත් වසර දෙකක කාලයක් යන තුරු කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබීය.
එහෙත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ අතර ඒ අනුව සියයට 12යි දශම 5ක බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර තිබිණි.
ඒ අනුව රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
COMMENTS