එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට ගෙන ආ යෝජනාවක් හේතුවෙන් ඊයේ දිනයේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට ගෙන ආ යෝජනාවක් හේතුවෙන් ඊයේ දිනයේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දැඩි උණුසුම් වී ඇත. මෙම යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ විසින් ගෙනවිත් ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය විසින් එය ස්ථිර කර ඇත.
පක්‍ෂයේ ජ්‍යෂ්ඨයන්ගෙන් එම යෝජනාවට දැඩි විරෝධය එල්ල වීම හේතුවෙන් යෝජනාව අතහැර දමා තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නව තරුණ නායකත්වයක් ගෙන ඒමට වන සාකච්ඡාව කල් දැමීමට තීරණය වී ඇත.

පක්‍ෂයේ ජ්‍යෂ්ඨයන්ගෙන් එම යෝජනාවට දැඩි විරෝධය එල්ල වීම හේතුවෙන් යෝජනාව අතහැර දමා තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නව තරුණ නායකත්වයක් ගෙන ඒමට වන සාකච්ඡාව කල් දැමීමට තීරණය වී ඇත.

COMMENTS