මෙරට මැතිරවණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වන්නේ 2020 මහ මැතිවරණයේදීය. මෙවර ප්‍රකාශිත ඡන්දවලින් 744,373 ක් ප්‍රතික්ෂේ...
මෙම සංඛ්‍යාව මහ මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය හැරෙන්නට වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙස ද සැලකිය හැකිය.
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 135,452 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.85% ක ප්‍රතිශතයකි.
2015 මහ මැතිවරණයේදී ඡන්ද 517,123 ක් ප්‍රතික්ෂේප වූ අතර එය සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් 4.63% ක ප්‍රතිශතයකි.
මෙවර මහ මැතිවරණයේ විශේෂත්වය වන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද වාර්තා වීමයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද 81,034 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එය ප්‍රකාශිත ඡන්දවලින් 6.41% ක ප්‍රතිශතයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 75,509 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එහි ප්‍රතිශතය 5.79 කි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදීද සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසන්නේ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය අවම කර ගැනීම සඳහා ඉදිරි මැතිවණවලදී ඡන්දදායකයා දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කළයුතු බවයි. ඒ සඳහා රජය විශේෂ මැදිහත්වීමක් සිදු කළයුතු බව ඔහු පවසනවා.
කෙසේ වෙතත් විශේෂයෙන් කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්කවල පවා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය ඉහළ යාම තුළින් පෙන්නුම් කරන්නේ සැළකිය යුතු ඡන්දදායකයන් පිරිසක් දැනුවත්වම සිය ඡන්දය අවලංගු කර එසේ නැතහොත් කටුගා දමා ඇති බවයි. පසුගිය කාලයේදී විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ඡන්දය කටුගා දැමීම සම්බන්ධයෙන් යම් තරමක සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් වූ අතර පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට වඩා සමස්ත දේශපාන සංස්කෘතියම ප්‍රතික්ෂේප කළයුතු බවට සමාජ ජාලා මාධ්‍ය හරහා මතවාද ගෙන ගියේය.
ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට වඩා සිදුවිය යුත්තේ දැනුවත්භාවයෙන් යුක්තව ඡන්දය කටුගා දැමීම සඳහා යොමු වී ඇති සැළකිය යුතු ඡන්දදායකයන් ප්‍රමාණයකගේ එම මතවාදය පිළිබඳව අවධානය යොමු කිරීමයි.
COMMENTS