පොලිස් සේවය ජනතා සේවයක් ලබාදෙන ආයතනයක් බවට පත් කිරීමට නම් පොලිස් නිලධාරීන් ජනතාවට ආචාරශීලී විය යුතු බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ජග...
පොලිස් සේවය ජනතා සේවයක් ලබාදෙන ආයතනයක් බවට පත් කිරීමට නම් පොලිස් නිලධාරීන් ජනතාවට ආචාරශීලී විය යුතු බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා පවසයි.
පොලිස් නිලධාරීන් අද සැලියුට් ගසා ආචාර කරන්නේ දේශපාලනඥයන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට වැනි ප්‍රභූවරුන්ට බවත්, මීට අමතරව මුදල් බලය තිබෙන අයටත් සැලියුට් ගසා ආචාර කරන බවට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
ලබන සැප්තැම්බර් 03 වැනි දිනට යෙදෙන 150 වැනි පොලිස් සැමරුම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ නිලලාංඡනය හා නිල පාඨය එළිදැක්වීමේ උත්සවය අද(02) පොලිස් අපරාධ කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පොලිස් නිලධාරීන් ජනතාවට සැලියුට් කරන දිනය උදාවෙන තෙක් ජනතාව පොලීසියට සවියක් කරගත නොහැකි බවද ලේකම්වරයා එහිදී පැවසී ය.
COMMENTS