ගාල්ල වරායේ නැංගුරම්ලා තිබෙන ඇවන්ගාඩ් සමාගමට අයත් ආයුධ සහිත නෞකාවේ කන්ටේනර්වල ඇති ආයුධ ඡායාරූපගත කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපා...
ගාල්ල වරායේ නැංගුරම්ලා තිබෙන ඇවන්ගාඩ් සමාගමට අයත් ආයුධ සහිත නෞකාවේ කන්ටේනර්වල ඇති ආයුධ ඡායාරූපගත කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල මහේත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමට ගාල්ල ප්‍රධාන මහේත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (01) අවසර ලබා දුන්නාය.
නිති විරෝධි ලෙස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා තවදුරටත් අගෝස්තු මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා වන යුක්රේන් ජාතික ජෙනඩ් ගාවෝව් නමැති අයෙකි.
ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් මෙම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික සැතපුම් 11.95ක දුරක දී වන අතර එය ශ්‍රි ලංකා මුහුදු සීමාවට අයත් නිසා මෙම නඩුව විභාග කිරීමට ශ්‍රී ලංකා අධිකරණයට අයිතියක් ඇති බවද මෙදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
වෙළද නැව් ලේකම් කාර්යාලයේ පුහුණු පරික්ෂකවරයාගෙන් ලබා ගත් ප්‍රකාශය අනුව නැවකට පටවන ලද භාණ්ඩවල වගකිම එම භාණ්ඩ ගොඩබාන අවස්ථාව දක්වා නැවේ කපිතාන්වරයා සතු බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.
මෙහි විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව සැකකාර කපිතාන්වරයා අගෝස්තු මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේත්‍රාත්වරිය නියෝග කලාය.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS