ම හා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා ඊයේ සිය ධූරයේ වැඩ භාරගත්තේය. මෙහි විශේෂත්වය වන්නේ, අමාත්‍යාංශය තුල වැඩ භාරගැනීම නොකොට ක...
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා ඊයේ සිය ධූරයේ වැඩ භාරගත්තේය.
මෙහි විශේෂත්වය වන්නේ, අමාත්‍යාංශය තුල වැඩ භාරගැනීම නොකොට කුරුණෑගල වජිරාඥාන මාවතේ මාර්ගය කාපට් කිරීම ආරම්භ කරමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමය.
තවද මීගමුව පාර හරහා යන උමං මාර්ගයට මුල්ගල තැබීමත්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා විසින් වැඩ ආරම්භ කල මලියදේව විද්‍යාලයේ පැසි පන්දු පිටිය නිරීක්‍ෂණය කිරීමත් හා මලියදේව විද්‍යාලයේ ස`දුන් පැලයක් සිටු වීමත්, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා අතින් සිදු කෙරෙණි.
මෙහිදී අදහස් දැක්වූ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මැතිතුමා
‘වැඩ කරන්න තමයි අපේ ජනතාව අපට මෙතරම් විශාල ප‍්‍රමාණයකින් ඡුන්දය දුන්නේ දැන් අපට ඉන්නේ ප‍්‍රායෝගික ජනාධිපති කෙනෙක් වගේම ප‍්‍රායෝගික අගමැති කෙනෙක්. ඒ නිසා අපිත් ප‍්‍රායෝගිකව වැඩ කරන්න ඕනෑ. සීත කාමර වලින් එලියට ඇවිත් අපි වැඩ කරන් ඕන. ඒ නිසා තමයි අද බොහොම ප‍්‍රායෝගිකව ජනතාව සම`ග පාරට ඇවිත් වැඩ ආරම්භ කරේ. අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්‍ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ පිලිවෙල අපි මේ අවුරුදු 5 ක කාලය ඇතුලත සපුරා ගැනීමට කටයුතු කරනවා. පසුගිය යහපාලන රජය කාල සමයේ මුලක් නැති අධිවේගී මාර්ගයක් පටන්ගෙන තිබුණා. නමුත් මෙය හරියට ඔවුන්ට කර ගැනීමට අපොහොසත් වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල මීරිගම කොටස මාස 6 න් සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය වසර තුන හමාරක කාලයකින් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප‍්‍රධාන මාර්ග, අතුරු මාර්ග හා ග‍්‍රාමීය මාර්ග දියුණු කිරීමට කටයුතු කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වසර 5 තුලදී ජනතාවට මංමාවත් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වන ලෙසට වැඩ කරනවා.
අපට ඉතිහාස ගත ජයක් මෙවර හිමි වුණේ. මහින්ද මහතාට ඡුන්දය අඩු වෙනවා කියලා විපක්‍ෂය කීවා. එත් ඡුන්දය වැඩි වුනා. පු`ඵවන් තරම් ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි මඩ ප‍්‍රහාර එල්ල කරා. ඔවුන්ට ඕණෑ උනේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් විරැුද්ධව අපහාස කරන්න. 2015 දී බොරු කීවා. ලැම්බෝගිනි ගැන කීවා. රත්තරං අශ්වයෝ ගැන කීවා. සමහරු ඒ බොරු විශ්වාස කරලා ඒ බොරු කරේ තියන් ගියා. දැන් ඇත්ත හැමෝටම වැටහිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපට මෙවර විශිෂ්ඨ ජයක් ජනතාව අත් කරලා දුන්නේ. සමාන්‍යයෙන් මට ඕනෑ උනේ මහින්ද මහත්තයාට වැඩිම මනාප අරන් දෙන්න ඒදේ කලා. මම ඒ ගැන කුරුණෑගල ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ විනය ගරුක නායකයෙක්.
අද මේ උත්සවයත් අපි චාම්ව තිබ්බේ නාස්තිය අවම කරා රජයේ කිසිදු වියදමක් ගත්තේ නෑ. අපි වැඩ කරගෙන යනවා නාස්තිය අවම කරමින් වඩාත් ඵලදායී මට්ටමින්. ඒ ස`දහා ඔබේ සහයෝගය ඉදිරියටත් මට ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
– midea unit

COMMENTS