පුත්තලම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත්කරනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය විසින් හිතුමනාපෙට ක්‍රියාත්මක කරමින් ඇතැයි ඇති බවත් ඒ නිසා ...
පුත්තලම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත්කරනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය විසින් හිතුමනාපෙට ක්‍රියාත්මක කරමින් ඇතැයි ඇති බවත් ඒ නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
පුත්තලම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් කොරෝනා සමාලෝචන හමුවේ දී මෙම චෝදනාව අමාත්‍යවරයා විසින් එල්ල කර තිබේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරිය විසින් තම හිතුමතයට කොරෝනා එන්නත්කරණය සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී දෝෂාරෝපණය කර ඇත.
රට පුරා කොරෝනා එන්න කරන කටයුතු වලට ඇමැතිවරුන් රාජ්‍ය අමාත්‍යවරු සහිත කමිටු පත් කර තිබුණ ද පුත්තලම දිස්ත්‍රික්කයේ දී එය නිසි ලෙස සිදු නොවීම නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය තම හිතුමනාපයට එම කටයුතු සිදු කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.
කොරෝනා මර්ධන කමිටුව දිස්ත්‍රික්කයේ එන්නත් දෙන ආකාරය තීරණය කිරීමට කලින් අධ්‍යක්ෂකවරිය විසින් නාත්තන්ඩියට එන්නත් විදීම ආරම්භ කර තිබූ බවත් මෙය බරපතළ තත්ත්වයක් බවත් අමාත්‍යවරයා තවදුරටත් චෝදනා කළේය.

COMMENTS