ම රණ දඬුවම නියම වී සිටියදී මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතාට ප...
මරණ දඬුවම නියම වී සිටියදී මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුව සැසිවාරයට සහභාගි වීමට අවස්ථාව ද දිය හැක්කේ අධිකරණයේ අවසරය ලැබුනොත් පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරන්නේ ඒ සඳහා ඔහු අධිකරණයේ අවසර ලබා ගත යුතු බවයි.
එමෙන්ම ඔහු මන්ත්‍රීවරයකු බවට පත්වන්නේ නම් ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් පළමුවෙන්ම ගැසට් කළ යුතු බව ද ඔහු පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා දෙවැනි ස්ථානයට වැඩිම මනාප ලබාගෙන ජයග්‍රහණය කර ඇත.
ඔහු මනුෂ්‍ය ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර සිරගත කර සිටින අතර අදාළ තීන්දුවට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

COMMENTS