මුහුදු රළ සමග වැලි ගොඩට ඒම හේතුවෙන් ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කහව සහ තෙල්වත්ත අතර ප‍්‍රදේ්ශයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබෙනවා. අද උද...
අද උදෑසන සිට මෙම තත්ත්වය පැවති බවත්, පස්වරුව වනවිට මුහුදු රළ සමග වැලි ගොඩ ගැසීමේ තත්ත්වය වැඩි වී ඇති බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මාර්ගයේ වැලි ගොඩ ගැසීම හේතුවෙන් යතුරු පැදිකරුවන් දැඩි අපහසුතාවයන්ට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් ස`දහන් කළේ.
මාර්ග සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මාර්ගයේ වැලි ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
COMMENTS