දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
sajith's team
Homeප්‍රවෘත්ති

sajith's team

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපති අපේක්ෂකත්වය සහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අත් කර දෙන ලෙස ඉල්ලමින් දෙවොල් දෙවි...

කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි
සූදුකරුවන්, පාවාදෙන්නන්, ආත්මාර්ථකාමී ක‍්‍රීඩකයන් ගැන ප‍්‍රමෝද්‍ය සියල්ල හෙලි කරයි - විශේෂ නිවේදනය මෙන්න
නානකාමරයට කොස්තාපල් ගෙන්නා ගත් පොලිස් නෝනා ගෙදර යවයි
ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපති අපේක්ෂකත්වය සහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අත් කර දෙන ලෙස ඉල්ලමින් දෙවොල් දෙවියන් ගේ දේවාශීර්වාදය පතා සංවිධානය කරන ලද පාගමන කඩාකප්පල් කිරීමට බළපිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කටයුතු කල බවත් ඒ සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් එජාප ප්‍රධානීන්ගේද සහය ලැබුණ බවත් රුහුණු ජාතික බලවේගය සහ ගාලු ජාතික සංගමයයේ ප්‍රධාන ලේකම් ප්‍රවීණ මාධ්‍යෙව්දී අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතායට දේවාශිර්වාදය පතා පැවති පාගමනට ආරම්භයේදී 17 දෙනෙක් සහභාගී වූ බවත් එම සංඛ්‍යාව 07 ක් ලෙස ඇතැම් මාධ්‍ය වාර්තාවල පල වූ පුවත සාවධ්‍ය බවත් ඒ මහතා අවධාරණය කළේය. මෙම පාගමන 10 පෙරවරු 6.35 ට අහුන්ගල්ලෙන් ආරම්භ කෙරුණි.

පාගමනට ඉතා අඩු පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් විමසූ විට එසේ ප්‍රකාශ කල අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපති අපේක්ෂකත්වය සහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අත් කර දෙන ලෙස ඉල්ලමින් දෙවොල් දෙවියන් ගේ දේවාශීර්වාදය ලබා ගැනීමට බාරයක් වීම සදහායි පාගමනින් ගියේ. පාගමන ‘සජිත් සමග අපි’ රුහුණු ජාතික බලවේගය සහ ගාලු ජාතික සංගමය සංවිධානය එක්ව සංවිධානය කළා. ඒ සදහා අපි බලාපොරොත්තු වුණ සම්පූර්ණ සංඛ්‍යාව 25 යි. පොස්ටර් ගහල දැන්වීම් ප්‍රදර්ශණය කරල අපි පාක්ෂිකයින්ට එන්න කිව්වේ තෙල්වත්තේ බාමියන් බුද්ධ ප්‍රතිමාව ලගටයි. අපි පාගමන අහුන්ගල්ලෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වුණේ පෙරවරු 6.00 යි. නමුත් පිරිස ප්‍රමාද වීම නිසා 6.35 වුණා. බාමියන් බුද්ධ ප්‍රතිමාව ලග ආගමික කටයුතු කරල දවල් 12.00 ට පෙර දේවාලයට යන්න සැලසුම් කළා. උදේ පාගමන ආරම්භ කරන්න ප්‍රමාද වුණ නිසා, වෙලාවට යන්නයි, ත්‍රීරෝද රථවලින් ගියේ.

සජිත් ප්‍රේමදාස මහතාට ඥාතිකම් තිබෙන බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ඩබ්ලිව් සෙනරත් මහත්මයා පාගමනට අවශ්‍ය කටවුට් ගහල දෙන්නම් කියල බාරගත්තා. නමුත් ඔහු වෙනත් අයෙකු අතේ බැනර් එකක් විතරක් එවල තිබුණ. සීනිගම දේවාලයට පාගමන ලංවෙන විට පිරිස 100 ක් පමණ හිටියා. ඒ වෙලාවේ සෙනරත් මහත්මයා පාගමනට එකතු වෙලා මාධ්‍යට ප්‍රකාශයකුත් දුන්නා. ඒ නිසා මහජනතාව හිතන්නේ සෙනරත් මහත්තයා පාගමන සංවිධානය කළා කියල.

බළපිටියේ එජාප ප්‍රබලයෝ පාගමන කඩාකප්පල් කරන්න මුල ඉදන්ම කටයුතු කළා. පාගමනේ යන්නේ කව්ද බලන්න තැන් තැන්වල චරපුරුෂයෝ දාල තිබුණ. බොහෝ අයට දුරකතන ඇමතුම් දීල පාගමනට එකතු වෙන්න එපා කියල බලපෑම් කරල තිබුණා. ගාල්ල දිස්ත්‍රික්යේ එජාපයේ ප්‍රබලයෝ කීප දෙනෙකුත් ඔවුන්ට උදව් කරල තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්තයට අපේක්ෂකත්වය දෙන්න ඕනෑ කියල මේ අය හැම තැනම වොයිෂ් කට් දෙනවා. අපිට වැඩ කරන්න වෙලා තිබෙන්නේ ඩබල් ගේම් කාරයෝත් එක්ක යැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: sajith's team
sajith's team
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj1J34V5JooeokLqs8IqC71J7oYUwPA9-oR4sROZHv5wrDlaPi39arye78oGJDGRPJgOYtu4oFZVxBtvz5za2JoCYIUwLA9u3Xay5fvyPLi4jJupIRdM_WBZT6DXzBFFQH6OMDQLCpgFFg/s320/sajith-6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj1J34V5JooeokLqs8IqC71J7oYUwPA9-oR4sROZHv5wrDlaPi39arye78oGJDGRPJgOYtu4oFZVxBtvz5za2JoCYIUwLA9u3Xay5fvyPLi4jJupIRdM_WBZT6DXzBFFQH6OMDQLCpgFFg/s72-c/sajith-6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/sajiths-team.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/sajiths-team.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy